ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට කිසිදු සූදානමක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගනිමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම හා දිස්ත්‍රික්, ආසන මට්ටමෙන් සංවිධාන කටයුතු පුළුල් කිරීමට සාකච්ඡා කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.