Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කාලගුණ‍යේ අවවාදාත්මක නිවේදන තවදුරටත්
    Featured

    කාලගුණ‍යේ අවවාදාත්මක නිවේදන තවදුරටත්

    By LFNOctober 7, 2023No Comments2 Mins Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල, කළුතර, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්වල ප්‍රදේශ රැසකට නාය යෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

    මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ නිල්වලා ගඟ ද්‍රෝණියේ පහළ ගංවතුර නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට ඊයේ (06) නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනය දින 02කට බලපැවැත්වෙන බවයි.

    පවතින අධික වර්ෂාවෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයටයි.

    අයහපත් කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්යේ සියලුම පාසල් එළැඹෙන 09 සහ 10 යන දෙදින වසා තැබෙන බව ද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව පැවසීය.

    අනතුරු ඇඟවීමේ නිවේදනය අනුව අකුරැස්ස, අතුරලිය, කඹුරුපිටිය, තිහගොඩ, මාලිම්බඩ සහ මාතර යන ප්‍රදේශවල ජනතාව අවදානයෙන් පසු විය යුතු බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා ඇත.

    කෙසේ වෙතත් මේ දක්වා ගංවතුර ආරක්ෂණ බැමි උතුරා යාමක් සිදු වී නොමැති වුවත් එය උතුරා යාමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

    මේ අතර, පවතින වැසි තත්ත්වය හේතුවෙන් ගිං, කළු, නිල්වලා සහ අත්තනගලු ඔය ආශ්‍රිත පහත්බිම්වල ගංවතුර අවදානම තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මේ අතර, වැඩිම ජල ගැලීම් වාර්තා වන මාතර දිස්ත්‍රික්කයේ පවතින ගංවතුර අවදානම හේතුවෙන් අත්තුඩාව ප්‍රදේශයේ ගංවතුර ආරක්ෂණ බැම්මේ ආරක්ෂාව සඳහා වේල්ල ආවරණය කිරීමට යුද හමුදා නිලධාරීන් පියවර ගෙන තිබිණි.

    මේ අතර, අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට තුන් වැනි මට්ටමේ නාය යෑම් රතු නිවේදන නිකුත් කර තිබේ.

    ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නාගොඩ, යක්කලමුල්ල යන ප්‍රදේශවලටත් කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, වලල්ලාවිට, මතුගම යන ප්‍රදේශවලටත් මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දරටත් මෙම තුන් වන මට්ටමේ නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි.

    එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රදේශයටත් නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇත.

    මේ අතර, පවතින ධාරාණිපාත වර්ෂාවත් සමඟ දෙහිවල බණ්ඩාරනායක මාවත ඇළ ඉවුර ආසන්නයේ සි දුවූ නාය යෑමකින් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

    ඉකුත් 05 වැනිදා නිවසේ බිත්ති ඉරිතලා ගොස් ඇති අයුරු දුටු නිවැසියන් ඥාති නිවසකට ගොස් ජීවීත බේරාගෙන තිබිණි.

    කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරිය ගේ උපදෙස් මත ඇළ ඉවුර ආසන්නයේ ඇති අනාරක්ෂිත නිවාස 13ක පුද්ගලයන් 65 දෙනෙකු එම ස්ථානයෙන් ඉවත් කර, කරගම්පිටිය සුමග විදුහල් ශාලාව වෙත යොමු කර තිබේ.

    ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතය ගාල්ල පෝද්දල ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, එම අගය මිලිමීටර 127යි දශම 9ක් ලෙස සටහන් වේ.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, අදත් බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි.

    මේ අතර, පවතින අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 12ක පවුල් 13,027කට අයත් පුද්ගලයන් 53,399ක් පීඩාවට පත් ව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202602 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.