Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»නීතිඥ සංගමයට හා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයට ලැබුණු අවසරය
    Local News

    නීතිඥ සංගමයට හා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයට ලැබුණු අවසරය

    By LFNOctober 6, 2023Updated:October 7, 2023No Comments1 Min Read142 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් අගතියට පත් ධීවර පවුල්වලට වන්දි ගෙවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට මැදිහත් වී කරුණු දැක්වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට හා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) අවසර ලබා දී තිබේ.

    මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

    ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඊයේ අධිකරණය හමුවේ සඳහන් කළේ, මෙම වන්දි ගෙවීමේ ක්‍රියාදාමය විනිවිද භාවයකින් හා පාරදෘෂ්‍ය භාවයකින් සිදු වන්නේ ද යන්න නිරීක්ෂණය කිරීමේ අරමුණින් පමණක් තමන් මෙම නඩු විභාගය සඳහා මැදිහත් වීමට අවසර පතන බවයි.

    වන්දි ගෙවීමේ ක්‍රියාපටිපාටියේ පවතින විනිවිදභාවය නිරීක්ෂණය කිරීම සඳහා තමන්ට නඩු විභාගයට මැදිහත් වීමට අවසර දෙන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය ද අධිකරණයෙන් ඉල්ලීම් කර තිබිණි.

    එම ඉල්ලීම් සලකා බැලූ අධිකරණය අදාළ පාර්ශ්වයන්ට නඩු විභාගයට ඇතුළත් වීම සඳහා අවසර ලබාදුන්නේය.

    ඉන් අනතුරු ව වැඩිදුර විභාගය මාර්තු මස 18 වනදා දක්වා කල් තැබීමට ද අධිකරණය තීන්දු කළේය.

    කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, සහ පරිසර යුක්ති කේන්ද්‍රය සහ ධීවරයන් පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.