මේදිනවල ඇදහැලමින් පවතින ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශ රැසක ජල ගැලීම් හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව ඇත. මෙම ජල ගැලීම් වලට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ කසල බැහැර කිරීම හේතුවෙන් ජලය ගලායන මාර්ගයන් අවහිරවීමයි.
මෙම ජනතාවගේ වගකීම් විරහිත කුණු කසල බැහැර කීරීමෙන් අවහිර උණු කානු පද්දතියක් පසුගියදා යුධ හමුදා සාමාජිකයින් තිදෙනෙකු විසින් වර්ෂාව මැද එම කාණුව සුද්ද පවිත්‍ර කිරීමේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
රටේ ආපදාවක් ස්වභාවික විපත් වැනි අවස්ථාවන් වලදී ජනතාවගේ සුබ සිද්දිය උදෙසා කටයුතු කරනු ලබන ත්‍රිවිධ හමුදා සාමාජිකන් වෙනුවෙන් අපි අපගේ ආචාරය හිස නමා පිරි නමමු.