Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මුලතිව් මහෙස්ත්‍රාත් ගැන අධිකරණ ඇමතිගෙන් හෙළිදරව්වක්
    Featured

    මුලතිව් මහෙස්ත්‍රාත් ගැන අධිකරණ ඇමතිගෙන් හෙළිදරව්වක්

    By LFNOctober 3, 2023No Comments2 Mins Read172 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මුලතිව් මහෙස්ත්‍රාත් විනිසුරු සහ දිසා විනිසුරු වශයෙන් කටයුතු කළ ටී. සරවණරාජා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

    මෙවන් පසුබිමක අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කර තිබුණේ ටී. සරවණරාජා මහතා පසුගිය සතියේ කොළඹට පැමිණ සිය මෝටර් රථය විකුණා දමා, විදෙස්ගත වීමට පෙර බටහිර රටවල තානාපතිවරුන් දෙදෙනෙකු ද හමුවී ඇති බවය.

    එසේම ටී. සරවණරාජා මහතාට ඔහු වසන ආකාරයේ කිසියම් ආකාරයක ජීවිත තර්ජනයක් තිබුණේ නම් විනිසුරුවරයෙක් ලෙස ඒ සඳහා වරෙන්තුවක් නිකුත් කිරීමේ හැකියාව හා බලය ඔහුට තිබූ බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    මෙවන් වාතාවරණයක සරණවරාජා මහතාගේ බිරිඳ අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ විනිසුරුවරයාගෙන් තමන්ට හිංසා සිදුවන බව පවසමිනි.

    ඒ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විනිසුරුවරයා කැඳවමින් පරීක්ෂාවක් ද සිදුකර තිබුණි.

    විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (02) අගවිනිසුරුවරයාගෙන්, මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

    ටී. සරවණරාජා මහතා මුලතිව් මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරුවරයා වශයෙන් කටයුතු කරමින් මුලතිව් හි සිදුවූ සංවේදී සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන්ම නියෝග ලබා දී තිබුණි.

    කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් සොයාගැනීමේ සිද්ධිය සහ කුරුන්දි විහාරය සම්බන්ධ සිදුවීම් ඒ අතරින් විශේෂය.

    මෙවන් පසුබිමක ටී. සරවණරාජා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සැප්තැම්බර් මස 23 වනදා ඔහුගේ අත්සන හා නිල මුද්‍රාව සහිතව අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකර තිබුණි.

    ලිපියේ සඳහන්ව තිබුණේ තමාගේ ජීවිතයට එල්ල වී තිබෙන තර්ජන හා අධික පීඩනය හමුවේ මෙම තීරණය ගන්නා බවය.

    ධුරයෙන් ඉල්ලා අස්වූ ඔහු විදෙස්ගතව සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

    කෙසේ වෙතත් කුරුන්දි විහාරය සම්බන්ධයෙන් ඔහු දුන් තීන්දු කිහිපයක් පිළිබඳ මේ වන විට අභියාචනාධිකරණයට පාර්ශ්ව කිහිපයක් පෙත්සම් ගොනුකර ඇති අතර සරවණරාජා මහතා එහි වගඋත්තකරුවෙකු ද වෙයි.

    කෙසේ වෙතත් මුලතිව් මහෙස්ත්‍රාත් විනිසුරු සහ දිසා විනිසුරුවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද අගවිනිසුරුවරයාගෙන්, මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

    මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද උපදෙස් ලබා දී ඇත්තේ සරවණරාජා මහතාට ධුරයෙන් ඉල්ලා අස්වීමට බලපෑ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202602 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.