Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්

    December 16, 2025

    වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය

    December 16, 2025

    සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 22 ඉක්මවයි

    December 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මුලතිව් මහෙස්ත්‍රාත් ගැන අධිකරණ ඇමතිගෙන් හෙළිදරව්වක්
    Featured

    මුලතිව් මහෙස්ත්‍රාත් ගැන අධිකරණ ඇමතිගෙන් හෙළිදරව්වක්

    By LFNOctober 3, 2023No Comments2 Mins Read172 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මුලතිව් මහෙස්ත්‍රාත් විනිසුරු සහ දිසා විනිසුරු වශයෙන් කටයුතු කළ ටී. සරවණරාජා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

    මෙවන් පසුබිමක අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කර තිබුණේ ටී. සරවණරාජා මහතා පසුගිය සතියේ කොළඹට පැමිණ සිය මෝටර් රථය විකුණා දමා, විදෙස්ගත වීමට පෙර බටහිර රටවල තානාපතිවරුන් දෙදෙනෙකු ද හමුවී ඇති බවය.

    එසේම ටී. සරවණරාජා මහතාට ඔහු වසන ආකාරයේ කිසියම් ආකාරයක ජීවිත තර්ජනයක් තිබුණේ නම් විනිසුරුවරයෙක් ලෙස ඒ සඳහා වරෙන්තුවක් නිකුත් කිරීමේ හැකියාව හා බලය ඔහුට තිබූ බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    මෙවන් වාතාවරණයක සරණවරාජා මහතාගේ බිරිඳ අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ විනිසුරුවරයාගෙන් තමන්ට හිංසා සිදුවන බව පවසමිනි.

    ඒ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විනිසුරුවරයා කැඳවමින් පරීක්ෂාවක් ද සිදුකර තිබුණි.

    විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (02) අගවිනිසුරුවරයාගෙන්, මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

    ටී. සරවණරාජා මහතා මුලතිව් මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරුවරයා වශයෙන් කටයුතු කරමින් මුලතිව් හි සිදුවූ සංවේදී සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන්ම නියෝග ලබා දී තිබුණි.

    කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් සොයාගැනීමේ සිද්ධිය සහ කුරුන්දි විහාරය සම්බන්ධ සිදුවීම් ඒ අතරින් විශේෂය.

    මෙවන් පසුබිමක ටී. සරවණරාජා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සැප්තැම්බර් මස 23 වනදා ඔහුගේ අත්සන හා නිල මුද්‍රාව සහිතව අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකර තිබුණි.

    ලිපියේ සඳහන්ව තිබුණේ තමාගේ ජීවිතයට එල්ල වී තිබෙන තර්ජන හා අධික පීඩනය හමුවේ මෙම තීරණය ගන්නා බවය.

    ධුරයෙන් ඉල්ලා අස්වූ ඔහු විදෙස්ගතව සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

    කෙසේ වෙතත් කුරුන්දි විහාරය සම්බන්ධයෙන් ඔහු දුන් තීන්දු කිහිපයක් පිළිබඳ මේ වන විට අභියාචනාධිකරණයට පාර්ශ්ව කිහිපයක් පෙත්සම් ගොනුකර ඇති අතර සරවණරාජා මහතා එහි වගඋත්තකරුවෙකු ද වෙයි.

    කෙසේ වෙතත් මුලතිව් මහෙස්ත්‍රාත් විනිසුරු සහ දිසා විනිසුරුවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද අගවිනිසුරුවරයාගෙන්, මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

    මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද උපදෙස් ලබා දී ඇත්තේ සරවණරාජා මහතාට ධුරයෙන් ඉල්ලා අස්වීමට බලපෑ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්

    December 16, 2025

    වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය

    December 16, 2025

    සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 22 ඉක්මවයි

    December 16, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්

    December 16, 20250122 Views

    ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් වූ සිදුවීමේදී පොලිස්…

    වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය

    December 16, 2025

    සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 22 ඉක්මවයි

    December 16, 2025

    සැමියාගේ පිහි පහරට පෙර ඉස්සර වූ බිරිඳගේ පොරෝ පහර

    December 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.