Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රටම කතාවෙන පනත්වලට එරෙහිව නීතිඥ සාමූහිකය පෙරට එයි
    Featured

    රටම කතාවෙන පනත්වලට එරෙහිව නීතිඥ සාමූහිකය පෙරට එයි

    By LFNOctober 3, 2023No Comments1 Min Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ පනත් කෙටුම්පත සහ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් දෙකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්වලට පටහැනි බව නීතිඥ සාමූහිකය පවසයි.

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ නව පනතක් හඳුන්වාදීම වෙනුවෙන් රජය පසුගියදා ගැසට් නිවේදනයක් ප්‍රකාශ කර තිබුණි.

    අදාළ පනත් කෙටුම්පතෙහි අරමුණු ලෙස දක්වා තිබුණේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිසමක් පිහිටුවීම ඇතුළු ආනුෂංගික කරුණු කිහිපයකි.

    නීතිඥ සාමුහිකය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මෙම පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් අදහස් පළකළ අතර එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා,

    “මේ රටේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස විතරක් නෙමෙයි මේ පනත් කෙටුම්පතෙන් සීමා වෙන්නේ. සත්‍ය දැන ගැනීමට ජනතාවට තියෙන අයිතිය, සිතීමේ නිදහස මේ පනත් කෙටුම්පත්වලින් සීමා කරන්න උත්සාහ කරනවා. මුල සිටම මේ පනත් කෙටුම්පත් දෙකටම අපි එරෙහි වෙන්න ඕනේ. මොකද එහෙම වුණේ නැත්නම් මේ පනත් සම්මත කළාට පස්සේ තව දශක ගණනක් යනතුරු මේකේ ඵළවිපාක තියෙයි.”

    මේ අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව සිවිල් සංවිධාන සංවිධානය කළ විරෝධතාවයක් අද පස්වරුවේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පැවැත්වුණි.

    ඒ අදාළ විරෝධතාකරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, ජනාධිපති මන්දිරය ගාලුමුවදොර ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබු පසුබිමකය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 202601 Views

    රත්‍රං කිලෝ පහක් ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 1,800 කට වැඩි මුදලක් ලබාගෙන…

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026

    ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව ලබන 25 වෙනිදා දක්වා කල් යයි

    May 11, 2026

    වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.