Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මල්වතු මහනායක හිමි ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    Featured

    මල්වතු මහනායක හිමි ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    By LFNOctober 2, 2023No Comments2 Mins Read185 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මල්වතු මහනායකහිමියන් ලෙස පෙනී සිටිමින් මහා පරිමාණයෙන් මුදල් වංචා සිදුකළ පුද්ගලයෙකු නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය පැවසුවේ, දුරකථන ඇමතුම් ලබා දී ඔස්ට්‍රේලියාවේ රැකියා සඳහා පිටත්කර යැවීමට හැකි බව පවසමින් සැකකරු එම මුදල් වංචාව සිදුකර ඇති බවය.

    සැකකරු විසින් රුපියල් 137,000ක මුදලක් වංචනික ලෙස තමන්ගෙන් තබා ගත් බව පවසා නුවරඑළිය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලක් මත නුවරඑළිය පොලීසිය සිදුකළ විමර්ශනයක දී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සැකකරු විසින් ජාතික පුවත්පත්වල පළවන ඉඩම් හා දේපළ විකිණීම් සම්බන්ධ දැන්වීම්වල සඳහන් පුද්ගලයන්ගේ දුරකථන අංකවලට ඇමතුම් ලබා දී තමන් මල්වතු විහාරයේ මහනායක ස්වාමින් වහන්සේ බවත් තමන්ගේ සහෝදරයා ඔස්ට්‍රේලියාවේ පදිංචි බවත් ඔහුට ඉඩමක් සහ නිවසක් මිලදී ගැනීමට අවශ්‍ය බවත් පළමුවෙන් පවසා තිබේ.

    පසුව ඒ හරහා එම පුද්ගලයින් සමඟ හිතවත්කම ගොඩනගාගෙන ඔස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්වරයා තමන්ගේ මිත්‍රයෙකු බව ද පවසා, ඒ අනුව අවශ්‍ය නම් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෙකු කිසිදු අයකිරීමකින් තොරව පහසුවෙන් ඔස්ට්‍රේලියාවේ ‍රැකියාවකට හෝ අධ්‍යාපන කටයුතු සඳහා යොමු කිරීමට හැකි බව පවසා ඇත.

    අවශ්‍ය වන්නේ ලියාපදිංචි ගාස්තු වශයෙන් පමණක් රුපියල් 130,000ක මුදලක් බවත් පවසා එම මුදල සැකකරුගේ බැංකු ගිණුමකට බැර කරගෙන තිබේ.

    මේ ආකාරයට සැකකරු විසින් පුද්ගලයින්ගෙන් මහා පරිමාණයෙන් මුදල් වංචා රාශියක් සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

    බොහෝ අවස්ථාවලදී පුද්ගලයින් රැවටීම සඳහා මෙම සැකකරු විසින්ම ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ලෙස ද පෙනී සිට දුරකථන ඇමතුම් ලබා දී ඇති බව ද සැකකරුගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණව වී ඇත.

    සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මුදල් ගෙන්වාගත් පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් ද සැකකරු විසින් ගෙන්වාගෙන ඇති අතර එමඟින් තවත් පුද්ගලයන් රැවටීම සඳහා සිම් පත් 100ත් 120ත් අතර ගණනක් මිලදී ගෙන ඇති බවය.

    සැකකරු සතුව තිබී ජංගම දුරකථන 11ක්, ටැබ් යන්ත්‍රයක්, අන්තර්ජාල සැපයුම උපකරණ, බැංකු ගිණුම්වලට මුදල් තැන්පත් කළ රිසිට්පත්, විවිධ නම්වලින් සකසන ලද නිල මුද්‍රා තොගයක් හමුව තිබේ.

    මුදල් තැන්පත්කර ගැනීම සඳහා මෙම පුද්ගලයා විසින් ව්‍යාජ ජාතික හැඳුනුම්පත් කිහිපයක් භාවිත කරමින් බැංකු ගිණුම් 15කට ආසන්න ගණනක් සාදා ඇති අතර ව්‍යාජ ජාතික හැඳුනුම්පත් භාවිත කරමින් ඔහු විවාහයන් කිහිපයක් ද සිදුකරගෙන ඇති බව පොලීසිය පවසයි.

    සැකකරු නුවරඑළිය වැඩබලන මහෙස්ත්‍රාත් කේ.ඩී.විජේවික්‍රම මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකු බවය.

    සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ නුවරඑළිය පොලීසිය විසින් සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202602 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.