Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආපදාවට පත් ළමුන් ගැන තොරතුරු සමාජ මාධ්‍යයට තහනම්

    December 18, 2025

    මිනුවන්ගොඩට තද සුළං

    December 18, 2025

    ගෑස් හිඟයක් නෑ.. බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයි

    December 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නිපා අවදානම ගැන පැහැදිලි කිරීමක්
    Featured

    නිපා අවදානම ගැන පැහැදිලි කිරීමක්

    By LFNOctober 1, 2023No Comments1 Min Read157 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි.

    නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මේ වන විට වාර්තා වී ඇත්තේ, නිපා වෛරස් රෝගීන් 06 දෙනෙකු පමණක් බවයි.

    පසුගිය අගෝස්තු මාසය අවසානයේ සිට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ආසාදිතයන් හමුවීම ආරම්භ වී ඇති අතර, හමුවූ ආසාදිතයින් ගෙන් දෙදෙනෙකු මියගොස් ඇති බව සඳහන්ය.

    කෙසේ වෙතත් පසුගිය 22 වැනි දිනෙන් පසු ඉන්දියාවෙන් කිසිදු නව ආසාදිතයෙක් හදුනාගෙන නොමැති අතර, ආසාධිත රෝගීන් සබඳතා ඇති බවට සැක කළ 700කට අධික පිරිසක් නිරෝධායනය කර ඇති බව ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

    නිපා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉන්දියාව තුළ ක්‍රියාත්මක කර ඇති පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග හේතුවෙන් රෝගය පැතිරයාම අවම වී ඇති අතර, එමනිසා ශ්‍රී ලංකාවට ඇති අවදානම ඉතා අඩු මට්ටමක බව වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    එබැවින් මහජනතාව කලබලයට පත්වීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

    පවතින තත්ත්වය සම්බන්ධයෙන් සමීප ව නිරීක්ෂණය කරමින් සිටින බැවින් අවශ්‍යතාව මත ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මහජනතාවට උපදෙස් ලබාදීමට කටයුතු කරන බව වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආපදාවට පත් ළමුන් ගැන තොරතුරු සමාජ මාධ්‍යයට තහනම්

    December 18, 2025

    මිනුවන්ගොඩට තද සුළං

    December 18, 2025

    ගෑස් හිඟයක් නෑ.. බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයි

    December 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    ආපදාවට පත් ළමුන් ගැන තොරතුරු සමාජ මාධ්‍යයට තහනම්

    December 18, 20250113 Views

    ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ ළමුන් සම්බන්ධ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ නොඉල්ලන ලෙසත් ඒ…

    මිනුවන්ගොඩට තද සුළං

    December 18, 2025

    ගෑස් හිඟයක් නෑ.. බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයි

    December 18, 2025

    උඩදුම්බරට මි.මී 200ට වැඩි වැස්සක් – අනතුරුදායක තැන් මඟ හැර ජීවිත රැකගන්න

    December 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.