Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 100කට තුවාල

    March 22, 2026

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 2026

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇතින්නට තැබූ වෙඩිල්ල ගැන සැක මතුවෙයි
    Featured

    ඇතින්නට තැබූ වෙඩිල්ල ගැන සැක මතුවෙයි

    By LFNOctober 1, 2023No Comments1 Min Read154 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහියංගනය රාජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යය සඳහා රැගෙනවිත් මහවැලි ගඟ අසළ ගැටගසා සිටි ඇතින්නකට වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත සිවිල් ආරක්ෂක බලකා සෙබළෙකු වෙඩි තබා තිබුණි.

    වන අලියෙක් යැයි සිතා වෙඩිතැබීම සිදුකර ඇති අතර ඉන් ඇතින්නගේ පපු ප්‍රදේශයට තුවාල සිදුවී තිබුණි.

    ඊයේ අලුයම 3ට පමණ පෙරහරේ කටයුතු අවසන්වු පසු පෙරහරේ ගමන් ගත් අලි ඇතුන් කිහිපදෙනෙකු විහාර භූමියේ මහවැලි ගඟ අසබඩ ගැට ගසා විවේක ගැනීමට සලස්වා තිබුණි.

    ඒ අතරවාරයේදී අලුයම 03.30ට පමණ ආරක්ෂාව සඳහා යොදවා සිටි වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙකු මහවැලි ගඟෙන් මෙගොඩට ආ වන අලියෙකු යැයි සිතා ගැටගසා සිටි ඇතින්නකට වෙඩිතබා තිබුණි.

    මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක් වුයේ අවුරුදු 48 ක්වු මහරගම සීතා ඇතින්නය.

    සිද්ධියෙන් පැයකට පමණ පසු එම ස්ථානයට පැමිණි පශු වෛද්‍ය නිලධාරීන් ඇතින්නට ප්‍රතිකාර සිදු කර තිබුණි.

    මේ අතර ඇතින්නගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීම සඳහා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඊයේ පෙරවරුවේ මහියංගනයට පැමිණියේය.

    එම අවස්ථාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ද එක්වී තිබුණි.

    මහාචාර්ය අශෝක දංගොල්ල මහතා,

    “තුවාල 4ක් නැත්නම් 5ක් තිබෙනවා. පපු ප්‍රදේශයේ හෘදයවස්තුව තියෙන තැන. වෙඩි තියලා තියෙන තැන එච්චර හොඳ නැහැ. ඇතින්න කෑම කෑවට අතට බර දෙන්නේ නැහැ.තුවාලවල ප්‍රමාණය පස්සේ තමයි දැනගන්න පුළුවන්. වේදනාවක් තියෙනවා.. ඇවිදගන්න බැහැ. පන්නන්න නෙමෙයි මරන්නමයි තියලා තියෙන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 2026

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 2026

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 100කට තුවාල

    March 22, 202603 Views

    ඉරානය විසින් ඊශ්‍රායලයේ ආර්ඩ් සහ ඩිමෝනා යන නගර දෙකකට එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් 100කට…

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 2026

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 2026

    ගිනිඅවි දෙකක් සහ උණ්ඩ සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.