Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇතින්නට තැබූ වෙඩිල්ල ගැන සැක මතුවෙයි
    Featured

    ඇතින්නට තැබූ වෙඩිල්ල ගැන සැක මතුවෙයි

    By LFNOctober 1, 2023No Comments1 Min Read156 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහියංගනය රාජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යය සඳහා රැගෙනවිත් මහවැලි ගඟ අසළ ගැටගසා සිටි ඇතින්නකට වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත සිවිල් ආරක්ෂක බලකා සෙබළෙකු වෙඩි තබා තිබුණි.

    වන අලියෙක් යැයි සිතා වෙඩිතැබීම සිදුකර ඇති අතර ඉන් ඇතින්නගේ පපු ප්‍රදේශයට තුවාල සිදුවී තිබුණි.

    ඊයේ අලුයම 3ට පමණ පෙරහරේ කටයුතු අවසන්වු පසු පෙරහරේ ගමන් ගත් අලි ඇතුන් කිහිපදෙනෙකු විහාර භූමියේ මහවැලි ගඟ අසබඩ ගැට ගසා විවේක ගැනීමට සලස්වා තිබුණි.

    ඒ අතරවාරයේදී අලුයම 03.30ට පමණ ආරක්ෂාව සඳහා යොදවා සිටි වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙකු මහවැලි ගඟෙන් මෙගොඩට ආ වන අලියෙකු යැයි සිතා ගැටගසා සිටි ඇතින්නකට වෙඩිතබා තිබුණි.

    මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක් වුයේ අවුරුදු 48 ක්වු මහරගම සීතා ඇතින්නය.

    සිද්ධියෙන් පැයකට පමණ පසු එම ස්ථානයට පැමිණි පශු වෛද්‍ය නිලධාරීන් ඇතින්නට ප්‍රතිකාර සිදු කර තිබුණි.

    මේ අතර ඇතින්නගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීම සඳහා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඊයේ පෙරවරුවේ මහියංගනයට පැමිණියේය.

    එම අවස්ථාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ද එක්වී තිබුණි.

    මහාචාර්ය අශෝක දංගොල්ල මහතා,

    “තුවාල 4ක් නැත්නම් 5ක් තිබෙනවා. පපු ප්‍රදේශයේ හෘදයවස්තුව තියෙන තැන. වෙඩි තියලා තියෙන තැන එච්චර හොඳ නැහැ. ඇතින්න කෑම කෑවට අතට බර දෙන්නේ නැහැ.තුවාලවල ප්‍රමාණය පස්සේ තමයි දැනගන්න පුළුවන්. වේදනාවක් තියෙනවා.. ඇවිදගන්න බැහැ. පන්නන්න නෙමෙයි මරන්නමයි තියලා තියෙන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.