මහියංගණ පෙරහරට සහභාගී වීමට පැමිණ සිටි සීතා ඇතින්නට වනජීවී නිලධාරියකු විසින් වෙඩි තබා තිබේ.
අද (30) පාන්දර 03.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව අප වාර්තාකරු පැවසීය.
වන අලියකු යැයි සිතා මෙලෙස සීතා ඇතින්නට වනජීවී නිලධාරින් විසින් වෙඩි තබා ඇති බව සඳහන්ය.
වෙඩි වැදුණු ඇතින්නට මේ වන විට ප්‍රතිකාර සිදු කරන බව ද වාර්තා වේ.
සීතා ඇතින්න ගේ වයස අවුරුදු 47කි.
මෙම සිදුවීම පිළිබඳ අප මහියංගණ පොලීසියෙන් විමසීමක් කළ අතර, පොලීසිය ද සිද්ධිය තහවුරු කළේය.