කොළඹ විශ්වවිද්‍යාලය විද්‍යාත්මක පර්යේෂණයන් ඔස්සේ අනාවරණ කළ, වැඩිදියුණු කරන ලද නව නිෂ්පාදන කිහිපයක් වාණිජ නිෂ්පාදන ලෙස එළි දක්වමින් ආදායම් ඉපයීමට කටයුතු කර තිබේ.
එවැනි නිෂ්පාදන කිහිපයක් වෙනුවෙන් කර්තෘ අයිතිය පිරිනැමීම පසුගියදා සිදු කෙරුණි.
පිළිකා සෛල නැසීමේ හැකියාව ඇති පෝෂක ඖෂධය,හිසකෙස් හැලීම පාලනය කළ හැකි ආලේපනය, සන්ධි අපහසුතා වැළැක්වීමේ ආලේපනය සහ ශරීරයේ මේදය දහනය කළ හැකි ඖෂධයක් එම නිෂ්පාදන අතරට අයත්ය.