Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලි බිල යළිත් වැඩිකරන්න යයි
    Featured

    විදුලි බිල යළිත් වැඩිකරන්න යයි

    By LFNSeptember 29, 2023No Comments2 Mins Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට පුරා පැවති නියං කාලගුණ තත්ත්ව හේතුවෙන් තාප විදුලිය ලබාගැනීම සඳහා වැයවූ නිෂ්පාදන පිරිවැය ආවරණය කරගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය නැවත වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

    විදුලිබල මණ්ඩලයේ සාමානාධීකාරී ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා සඳහන් කළේ, ජනවාරි මාසයේ විදුලි ගාස්තු සංශෝධනය ඔක්තෝබර් මාසයේදී සිදුකිරීමට එමඟින් ඉල්ලීමක් කළ බවය.

    ඒ අනුව විදුලි ගාස්තු නැවත වරක් ඉහළ දැමීමට අවසර ලබාදෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

    විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා සඳහන් කළේ, මෙම වසරේ අපේක්ෂිත ප්‍රමාණයෙන් ජල විදුලිය නිෂ්පාදනය කිරීමට නොහැකිවීම හේතුවෙන් විදුලි නිෂ්පාදනයට අතිරේක පිරිවැයක් දැරීමට සිදුවූ බවය.

    මේ වසරේ ගිගාවොට් පැය 4,500 ක ජල විදුලි ධාරිතාවක් අපේක්ෂා කළ නමුත්, නිෂ්පාදනය කිරීමට හැකිවූයේ ගිගාවොට් පැය 3,750ක් පමණක් බව සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරයි.

    ඒ අනුව ගිගාවොට් පැය 750ක් අතිරේකව තාප බලාගාරවලින් ලබාගැනීමට සිදුවූ අතර ඒ සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවූ බවද සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    පවතින තත්ත්වය හමුවේ විදුලි නිෂ්පාදනයට වැයවූ අතිරේක මුදල පියවා ගැනීම සඳහා මෙම ඉල්ලීම පෙරේදා (27) දිනයේ මහජන උපයෝගීතා කොමිසම වෙත සිදුකර තිබුණි.

    පවතින ගාස්තු සංශෝධන ක්‍රමවේදය අනුව ජනවාරි මාසයේදී සිදුවීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මෙලස ඔක්තෝබර් මාසයේදී සිදු කිරීමට එමඟින් ඉල්ලා සිටි බව ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා පැවසීය.

    මේ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමෙන් සිදු කළ විමසීමකදී එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, විදුලිබල මණ්ඩලයේ එම ඉල්ලීම සලකා බැලීමට නියමිත බවය.

    මේ අතර ලංකා විදුලි පුද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගමේ විදුලි බිලට මේ මාසයේ සිට සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්ද එකතු කිරීමට තීරණය කර තිබේ.

    ඒ අනුව සැප්තැම්බර් 08 වනදා සිට එය බලපැවැත්වෙන අතර ලබන මාසයේ පාරිභෝගිකයා වෙත ලැබෙන විදුලි බිලෙහි නව බද්ද ඇතුළත් කර තිබෙන බව විදුලිබල අමාත්‍යංශය සඳහන් කරයි.

    විදුලිබල මණ්ඩලය මගින් නිකුත් කළ බිල්පත් සඳහා මීට පෙර සිට එම බදු අය කළ අතර 2022 අංක 25 දරණ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනතේ දෝෂ තත්ත්වයක් හේතුවෙන් ලෙකෝ බිල්පත් සඳහා එය ඇතුළත් කර නොතිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.