Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගංවතුර ගැන අනතුරු ඇඟවීම් නිකුත් කරයි
    Featured

    ගංවතුර ගැන අනතුරු ඇඟවීම් නිකුත් කරයි

    By LFNSeptember 29, 2023No Comments2 Mins Read163 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහාත් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා ද නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කර ඇත.

    මේ හේතුවෙන් ජනතාවට දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසද දැනුම්දෙයි.

    මේ අතර රත්නපුර ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා ගලන හංගමු ගඟ පිටාර ගැලීමෙන් බස්රථ ධාවනය වන ප්‍රධාන මාර්ග දෙකක්, අතුරු මාර්ග, නිවාස සහ පතල් විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති බව අප වාර්තාකරු පැවසීය.

    ඇලපාත, කරන්ගොඩ, ගිනිහිරිය, දිමියාව, දම්ඹුලුවන, කහවත්ත හරහා ගලතුර ප්‍රධාන මාර්ගය
    කරංගොඩ ප්‍රදේශයෙන් කිලෝමීටර්යක් පමණ ජලයෙන් යටවීම නිසා බස් ධාවනය ඇතුළු සියලුම රථවාහන ගමනාගමනය ඇණහිට තිබේ.

    රත්නපුර හංගමුව හරහා කරවිට ප්‍රධාන මාර්ගයද රත්නපුර හංගමුව හරහා බට ඇඳිරිය මාර්ගය ද ජලයෙන් යටවීම නිසා බස් රථ ධාවනය ඇතුළු සියලු වාහන ගමනාගමනය ඇණහිට ඇති බව අප වාර්තාකරු තවදුරටත් සඳහන් කරයි.

    අද උදෑසන වනවිට කළු ගඟේ ජල මට්ටම අඩුවීමක් පෙන්නුම් කරත් රත්නපුර, නිරල්ගම ප්‍රධාන බස්රථ මාර්ගය ඇත්ඔය ප්‍රදේශයෙන් තවමත් ජලයෙන්
    යටවී තිබීම නිසා බස්රථ ධාවනය සිදු නොවන අතර අතුරු මාර්ග, පහත් බිම් තවමත් ජලයෙන් යටවී පවතින අතර ක්‍රමයෙන් ගංවතුර බැස යමින් පවතින බවද අප වාර්තාකරු සඳහන් කරයි.

    ගිං ගඟ පිටාර ගැලීම මේ වනවිට ගංවතුර තත්ත්වයක් බවට පත්වී ඇති බව අප වාර්තාකරු පැවසීය.

    අද උදෑසන වනවිට බද්දේගම ජල මාපකයේ අගය 4.57ක් ලෙස සටහන්ව තිබුණි.

    ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් බද්දේගම උඩුගම මාර්ගය, නාගොඩ කුරුපනාව මාර්ගය, බද්දේගම දොඩම්ගොඩ මාර්ගය, අගලිය මාර්ගය ජලයෙන් යටවී ඇති අතර බද්දේගම, අගලිය, නාගොඩ, උනන්විටිය, තවලම, හිනිදුම ආදී ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටවී ඇත.

    නොකඩවා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් බණ්ඩාරගම අටුලුගම කිම්මන්තුඩාව මාර්ගය, කොලමැදිරිය කිම්මන්තුඩාව මාර්ගය ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට දැඩි බාධා සිදුවී ඇති බවද අප වාර්තාකරුවන් පවසයි.

    මේ හේතුවෙන් එම මාර්ගවල ගමන් ගන්නා ජනතාවට විකල්ප මාර්ග භාවිතා කිරීමට සිදුවී ඇති බවද වාර්තා වෙයි.

    කිරම ඔය පිටාර ගැලීමෙන් තංගල්ල පළතුඩුව මාර්ගය මුළුමනින්ම ජලයෙන් යටවී ඇත. තවද හක්මන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දේවාලේගම ප්‍රදේශයේ නිවසක් ආසන්නයට පස් කන්දක් කඩා වැටී ඇති අතර ඉන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202602 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.