Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»ජර්මනියේදී ‘අතිගරු’ කියා ඇමතුවාට ජනපති පැනවූ දඩය
    Political

    ජර්මනියේදී ‘අතිගරු’ කියා ඇමතුවාට ජනපති පැනවූ දඩය

    By LFNSeptember 29, 2023No Comments2 Mins Read209 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජර්මනියේ පැවැත්වෙන BERLIN GLOBAL DIALOGUE සැසියේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශනයට පෙර සිදුවූ සුවිශේෂී සිදුවීමක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

    එහිදී DW ප්‍රවෘත්ති සේවයේ නිවේදිකා Christine Mhundwa කළ ප්‍රකාශයක් සහ ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ ප්‍රතිචාරය වෙත මෙලෙස අවධානය යොමුව ඇත.

    එහිදී Christine Mhundwa පවසන්නේ මෙවැන්නක්,

    “මම ඔබ සැමට කියන්න කැමතියි. අද අපිට විශේෂ අමුත්තෙක් පැමිණ සිටිනවා. ඒ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අද මෙහි පැමිණ සිටිනවා. මම කරන්න යන්නේ ඔහු අකමැති දෙයක්. ඔහු තමන්ගේ රට තුළ එලෙස කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ අතිගරු ජනාධිපතිතුමනි කියා ඔහු ඇමතීමයි. අත්පොළොසන් දී පිළිගන්න දැන් ඔහු වේදිකාවට පැමිණෙනවා. අපි සතුටින් පිළිගන්නවා. ජනපතිතුමනි ඔබටයි මේ වේදිකාව.”

    එයට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ මෙවැන්නක්,

    “මට අතිගරු ජනාධිපතිතුමා කියා ඇමතුවාට මම ඔබට තව මිනිත්තු කිහිපයකින් දඩයක් පනවන්න හදන්නේ.”

    මෙම දේශනයේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ චීනය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සුබවාදී මට්ටමක පවතින බවය.

    දැනට පවතින ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමවේදයන්ට අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම වඩාත් සංකීර්ණ වී ඇති බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    BERLIN GLOBAL DIALOGUE යනු සංක්‍රාන්ති ගෝලීය ආර්ථිකයක් සඳහා ඒකාබද්ධ විසඳුම් සෙවීම සඳහා ව්‍යාපාර සහ ප්‍රතිපත්ති සම්පාදකයින් එක්ව කටයුතු කරන නව අන්තර්ජාතික සංසදයකි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “ශ්‍රී ලංකාවේ මූල්‍ය අවශ්‍යතා සැලකූ විට අපේ කාලගුණ සශ්‍රීකතා සැලැස්ම සාර්ථක කරගැනීම සඳහා අපට 2030 වසර වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 26.5 ක් අවශ්‍ය වනවා. මේ බංකොළොත්භාවයට පත් වූ මෙන්ම ඉදිරි වසර කිහිපය සඳහා 3.5% ක ආර්ථික වර්ධනයක් පවතිනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළ රටක්. මුලින්ම අප සියල්ලන් එකඟ වන කාරණයක් තමයි අද පවතින ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමයේ හරය සැලසුම් කර ඇත්තේ මීට වසර 8 කට පෙර සහ එතැන් සිට ලෝකයේ දැවැන්ත වෙනස්කම් රැසකට ලක්වී ඇති බව. ආසියාවේ, මැද පෙරදිග, දකුණු අමෙරිකාවේ සහ අප්‍රිකාවේ නැගී එන ආර්ථිකයන් රැසක් ගෝලීය ආර්ථික බලවේගයක් බවට පත්ව තිබෙනවා. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමයේ සිදුව ඇත්තේ සාපේක්ෂව සුළු ප්‍රතිසංස්කරණ පමණයි. දැනට පවතින ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමවේදයන්ට අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම වඩාත් සංකීර්ණ වී තිබෙනවා.”

    “ශ්‍රී ලංකාවේ අපි අපේ රටේ හැටියට අමෙරිකාව, ඉන්දියාව සහ චීනයෙන් එල්ලවන පීඩනය මැද කටයුතු කරන්න ඉගෙනගෙන සිටින්නේ. එය අපට තවදුරටත් අලුත් දෙයක් නොවේ.බටහිර ලෝකය සහ චීනය අතර ඵලදායී සංවාදයක් අපට අවශ්‍ය වනවා. ඒ වගේම අමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර ඵලදායී සංවාදයක් අවශ්‍යයි. යුරෝපා සංගමය සහ චීනය අතරත් එවැනි ඵලදායී සංවාදයක් අවශ්‍ය වනවා. එසේ නොමැතිව අපට ඉදිරියට යා නොහැකියි. මෙයයි පවතින යථාර්ථය. ගැටලුව වන්නේ අප එක්වී කටයුතු කළ යුතු ආකාරය සහ 2024 දී එහි නායකත්වය ගන්නේ කවුරුන්ද යන්නයි. “

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගය අද කථානායකට

    March 19, 2026

    ජනපති අනුරගෙන් UAE ජනපතිට දුරකථන ඇමතුමක්

    March 4, 2026

    හිටපු ඇමති ජි. එල් ගෙන් ජනපතිට ලිපියක්

    March 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,433 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 202601 Views

    ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී…

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.