අද (28) උදෑසන ආරච්චිකට්ටුව පොලිස් වසමේ කොට්ටගේ දුම්රිය හරස් මාර්ගයේ දී ධාවනය වෙමින් තිබූ දුම්රියක ත්රීරෝද රථයක් ගැටී තිබේ.
කොළඹ සිට නූර් නගර් දක්වා ධාවනය වූ දුම්රියක ත්රීරෝද රථය එලෙස ගැටී තිබු අතර, අනතුරින් ත්රීරෝද රථයේ රියදුරු මියගියේය.
එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 66ක් වූ බංගදෙණිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය මුන්දලම රෝහලේ තැන්පත් කර තිබේ.
ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.