එල් ටී ටී ඊ සංවිධානය විසින් මුලතිව්, වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ රත්‍රං තොගයක් වළ දමා ඇතැයි කියන ස්ථානයක කැනීම් කටයුතු මේදිනවල සිදුකෙරෙනවා.
අම්පාර පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුට හා පොලිස් සැරයන්වරයෙකුට ලද තොරතුරකට අනුව මෙම කැනීම් කටයුතු සිදුකෙරෙන බව වාර්තාවේ.
මුලතිව් වැඩබලන මහේස්ත්රාත්වරයාගේ අධීක්ෂණය යටතේ මෙම කැනීම් කටයුතු සිදුකෙරෙන බව ද වාර්තාවේ.
කැනීම් සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ යොදා ගනිමින් ඊයේ සහ අද දිනයේ කැනීම් කටයුතු සිදුකර තිබුණත් රත්‍රං බව පැවසෙන කිසිවක් එම ස්ථානයෙන් මෙතෙක් හමුවී නොමැති බවත් වාර්තාවේ.