Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»EPF ක්‍රියාවලියට එරෙහිව පෙත්සමක්
    Featured

    EPF ක්‍රියාවලියට එරෙහිව පෙත්සමක්

    By LFNSeptember 27, 2023No Comments1 Min Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදල විසින් රජය වෙත සිදුකරනු ලබන ආයෝජන සඳහා ගෙවනු ලබන ප්‍රතිලාභ අවම කිරීමට ගෙන තිබෙන තීරණය තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

    සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

    එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, එහි අධිපතිවරයා, එහි මූල්‍ය මණ්ඩලය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

    රජය විසින් ක්‍රියාත්මක කරන දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩපිළිවෙල යටතේ සේවක අර්ථසාධක අරමුදල සතු මුදල් ආයෝජන සඳහා රජය විසින් ගෙවනු ලබන පොලී අනුපාත 9% දක්වා පහත හෙළීමට කටයුතු කර තිබෙන බවත් මේ තුළින් එම අරමුදලට ලැබෙන ආදායම කැපී පෙනෙන ආකාරයෙන් අඩුවන බවත් පෙත්සම්කරුවෝ චෝදනා කර තිබේ.

    මෙම ක්‍රියාව තුළින් වැඩකරන ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202601 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.