Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි

    March 22, 2026

    ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 100කට තුවාල

    March 22, 2026

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»චැනල් 4 චෝදනාවල පදනමක් නෑ පාස්කු ප්‍රහාරය ගැන පූර්ණ පරීක්ෂණයක් ඕනෑ – කතෝලික සභාව කියයි
    Featured

    චැනල් 4 චෝදනාවල පදනමක් නෑ පාස්කු ප්‍රහාරය ගැන පූර්ණ පරීක්ෂණයක් ඕනෑ – කතෝලික සභාව කියයි

    By LFNSeptember 25, 2023Updated:September 25, 2023No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් මෑතක දී වාර්තා චිත්‍රපටයක් මගින් කරන ලද චෝදනා පදනම් කර ගනිමින් නව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් නොකරන බව කතෝලික සභාව ඊයේ (24) ප්‍රකාශ කර ඇත.

    කෙසේ වෙතත්, පුද්ගලයන් 269 දෙනෙක්ට මරු කැඳවූ සහ තවත් සිය ගණනකට තුවාල සිදු කළ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුත් පූර්ණ විමර්ශනයක් සඳහා තමන් අධිෂ්ඨානශීලීව කටයුතු කරන බව කතෝලික සභාව සඳහන් කර තිබේ.

    චැනල් 4 හි වාර්තා චිත්‍රපටයෙන් සඳහන් කෙරුණේ, රාජපක්ෂලාට, විශේෂයෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට ඒමට පාර කැපීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ පහසුකම් සැලසීම මත ත්‍රස්ත ප්‍රහාර එල්ල කර ඇති බවයි.

    ආරක්ෂක අමාත්‍යාංශය, රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානියා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

    චැනල් 4 නාලිකාව විසින් කරන ලද හෙළිදරව් කිරීම් මත පදනම්ව පල්ලිය යම් නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන්නේද යන්න පිළිබඳව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාගෙන් විමසූ විට පියතුමන් සඳහන් කර ඇත්තේ, අදාළ වාර්තා චිත්‍රපටයේ නීතිමය පදනමක් නොමැති චෝදනා පමණක් අඩංගු බැවින් එසේ කිරීමට අදහස් නොකරන බවයි.

    එමෙන්ම ඔවුන්ට අවශ්‍ය වන්නේ මේ සමස්ත කාරණය සම්බන්ධයෙන් නැවුම් විමර්ශනයක් කිරීම බව පියතුමන් පවසා තිබේ.

    ත්‍රස්තවාදී ප්‍රහාර, ඊට අනුබල දුන් පුද්ගලයන් හෝ පාර්ශ්ව, ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඇති වූ සිදුවීම්, මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවල අඩුපාඩු සහ චැනල් 4 විසින් එල්ල කරන ලද චෝදනා වැනි සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි එවැනි පරීක්ෂණයක් සිදු කළ යුතු බව පියතුමන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි

    March 22, 2026

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 2026

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි

    March 22, 2026010 Views

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කළ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ සිනොපෙක් සමාගම…

    ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 100කට තුවාල

    March 22, 2026

    ගිං ගඟෙහි පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

    March 21, 2026

    ඉන්ධන ගැටලු හේතුවෙන් බස් ධාවනය අඩාළ වීමේ අවදානමක්

    March 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.