යාපනය, වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේශයේ මාස තුනක දරුවෙකු මව්කිරි හිරවීමෙන් මියගොස් ඇති බව යාපනය රෝහල් ආරංචි මාර්ග පවසයි.
දරුවාගේ මව 23 වැනිදා රාත්‍රියේ මව්කිරි ලබාදීමේ දී පිටඋඟුරේ යෑම හේතුවෙන් මව්කිරි සිරවී දරුවාව රෝහල්ගත කර තිබුණි.
යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පදිංචි ක්‍රිෂ්ණකුමාර් හරිහරන් නැමති මාස තුනක් වන දරුවා රෝහල්ගත කිරීමේදී අනාවරණය වී මියගොස් ඇති බවය.
මියගිය දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ (24) යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වු අතර, එහිදි අනාවරණය වී ඇත්තේ මව්කිරි පෙනහළු ආශ්‍රිතව සිරවීමෙන් දරුවා මියගොස් ඇති බවය.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර ඥාතීන් වෙත භාරදුන් බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.