බස් රථයක් හා ත්රිරෝද රථයක් එකිනෙක ගැටිමෙන් සිදුවු අනතුරකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලබා ඇතැයි අකුරැස්ස පොලීසිය පවසයි.
ඊයේ (24) පස්වරුවේ එම අනතුර සිදුව තිබුණේ අකුරැස්ස ගාල්ල ප්රධාන මාර්ගයේ හේනගම තේ කම්හලක් ආසන්නයේදීය.
එලෙස මිය ගොස් ඇත්තේ තෙලිජ්ජවිල, මාරගොඩ ප්රදේශයේ පදිංචි පසන් මනුෂ ගමගේ නැමති 17 හැවිරිදි තරුණයෙකි.
ඔහු තවත් අයෙකු සමඟ ත්රිරෝද රථයෙන් ගාල්ල දෙස සිට අකුරැස්ස දෙසට ගමන් කරමින් සිටින අතරතුර එම අනතුර සිදුව තිබුණි.
අනතුරින් තුවාල ලැබු ත්රිරෝද රථ රියදුරු වන සුල්තානාගොඩ අකුරුගොඩ ප්රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයා අකුරැස්ස රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.