ඊයේ (23) පස්වරුවේ ගාල්ලේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
පොලීසිය පැවසුවේ, වෙඩි පහරින් මියගිය පුද්ගලයා ව්‍යාපාරිකයෙකු බවය.
මෙම වෙඩිතැබීමේ සිද්ධිය ඊයේ රාත්‍රී 7.30ට පමණ සිදුවී තිබේ.
ඒ, ගාල්ල ඩික්සන් මාර්ගයේ පාලු ස්ථානයකදීය.
වෙඩි ප්‍රහාරයට ලක්වී මියගියේ ලලිත් ප්‍රසන්ත මෙන්ඩිස් නම් ගාල්ලේ රෙදිපිළි සැලක හිමිකරුවෙකි.
ඔහු සිය ව්‍යාපාරික කටයුතු අවසන් කර නිවස බලා යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත.
ව්‍යාපාරිකයා ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර කිහිපයක්ම එල්ලවී තිබූ අයුරු දක්නට ලැබුණි.
සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.