Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026

    ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස

    March 22, 2026

    සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි

    March 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉන්දියාවට අත්‍යවශ්‍යම ත්‍රස්තවාදියෙක් මෙරටදී අත්අඩංගුවට
    Featured

    ඉන්දියාවට අත්‍යවශ්‍යම ත්‍රස්තවාදියෙක් මෙරටදී අත්අඩංගුවට

    By LFNSeptember 22, 2023No Comments1 Min Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ සිදුවූ ත්‍රස්ත ක්‍රියා සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් ඉන්දියාවට අත්‍යවශ්‍යව සිටි ත්‍රස්තවාදියෙක් අත්අඩංගුවට ගෙන ඉන්දියාවට පිටුවහල් කිරීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සමත්වී ඇති බව අද (22) දිනයේ පුවත්පතක් වාර්තා කර තිබේ.

    ඉන්දියාවේ සිදුවූ ත්‍රස්ත ක්‍රියා කිහිපයක් සහ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍යව සිටි මෙම පුද්ගලයා ඉන්දීය ආරක්ෂක අංශ සහ ඉන්දීය අධිකරණයද මගහරිමින් සිට ඇත.

    මෙම පුද්ගලයා මීට වසරකට පමණ පෙර බංග්ලාදේශයේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගනිමින් වෙනත් රටක සිට ශ්‍රී ලංකාවට පැමිණ ව්‍යාපාරිකයෙක් ලෙස පෙනීසිටිමින් ඉතා රහසිගත ලෙස කටයුතු කර ඇති බවද එහි වැඩිදුරටත් වාර්තා වෙයි.

    ඉන්දීය ආරක්ෂක අංශ සහ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ඒකාබද්ධව දීර්ඝ කාලීනව සිදුකරන ලද විශේෂ බුද්ධි මෙහෙයුමකින් පසු මෙම පුද්ගලයාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඉන්දියාවට බාරදී තිබුණි.

    මොහු ශ්‍රී ලංකාවේ සිටි කාලයේදී සිදුකළ ක්‍රියා සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ විසින් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    එමෙන්ම මෙම පුද්ගලයා ඉන්දියාවේදී සිදුකළ ත්‍රස්ත ක්‍රියා පිළිබඳව සහ ඔහු සම්බන්ධ ත්‍රස්ත ජාලයන් හඳුනාගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සමග ඒකාබද්ධ වෙමින් ඉහළ මට්ටමේ විමර්ශනයක්ද ආරම්භ කර ඇති බව අදාළ පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026

    ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස

    March 22, 2026

    සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි

    March 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 202604 Views

    අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ නිවසක බලපත්‍ර රහිතව ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 2200ක පමණ ප්‍රමාණයක් සමඟ…

    ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස

    March 22, 2026

    සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි

    March 22, 2026

    ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 100කට තුවාල

    March 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.