Close Menu
Lanka Focus News
    What's Hot

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බොරු පැමිණිල්ලක් දමා රිමාන්ඩ් කළ පුද්ගලයාට ලක්ෂ 30ක වන්දියක්
    Featured

    බොරු පැමිණිල්ලක් දමා රිමාන්ඩ් කළ පුද්ගලයාට ලක්ෂ 30ක වන්දියක්

    By LFNSeptember 22, 2023No Comments3 Mins Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අසත්‍ය පැමිණිල්ලක් හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි පුද්ගලයෙකුට වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ එම අසත්‍ය පැමිණිල්ල ගොනුකර තිබූ පුද්ගලයාට නියෝග කර තිබේ.

    පෞද්ගලික සමාගමක සේවකයෙකු වන කොළඹ 05 පදිංචි අයෙකු විසින් ගොනුකර තිබූ පෙත්සම් විභාගයක් අවසානයේ අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.

    පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සැලැස්වීම තුලින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් අගතියට පත් පෙත්සම්කරුට රුපියල් ලක්ෂ 30 ක වන්දියක් ගෙවන ලෙස එම අසත්‍ය පැමිණිල්ල ඉදිරිපත් කළ පුද්ගලයාට නියෝග කර ඇත.

    එම අසත්‍ය පැමිණිල්ල මත පෙත්සම්කරු අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුට රුපියල් 75000/- ද උප පොලිස් පරීක්ෂකවරයෙකුට රුපියල් 25000/- ද ,පොලිස් කොස්තාපල්වරයෙකුට රුපියල් 25000/- ක් ද වන්දි වශයෙන් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගයේ සඳහන් විය.

    ඒ. එච්. එම්. ඩී. නවාස් සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින්

    ” මෙම පෙත්සම්කරුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කෙරුණු පැමිණිල්ලේ ස්වභාවය පිළිබඳව නඩු විභාගයේ දී අධිකරණය පූර්ණ පරීක්ෂාවට ලක් කළා. එහිදී අධිකරණයට කරුණු අනාවරණය වුණා එම පැමිණිල්ල විශ්වාසනීයත්වයෙන් තොර අසත්‍ය පැමිණිල්ලක් බව. විමර්ශන සිදු කර සාධාරණ සැකයක් අනාවරණය වන අවස්ථාවක පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වෙත බලය පැවරී තිබෙනවා. එහෙත් පෞද්ගලික යටි අරමුණු ඉටුකර ගැනීම සඳහා එම බලය අවභාවිතා කිරීමට හැකියාවක් නැහැ. මෙම පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම වගඋත්තර කරුවන් විසින් සිදුකර තිබෙන්නේ නිසි විමර්ශනයකින් තොරවයි. පැමිණිල්ල ඉදිරිපත් කළ අවස්ථාවේ සිට පෙත්සම්කරු අත්අඩංගුවට ගන්නා දිනය දක්වා විමර්ශන සිදු කිරීමට මාස පහක පමණ කාලසීමාවක් තිබුණා. එම කාලසීමාව තුළ මෙම පැමිණිල්ලේ සත්‍ය අසත්‍ය භාවය සහ විශ්වාසනීයත්වය පිළිබඳව ඕනෑතරම් කරුණු තහවුරු කර ගැනීමට වගඋත්තරකරුවන්ට හැකියාව තිබුණා. එසේ කරුණු තහවුරු කර ගැනීමකින් තොරව තමා මෙම පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. මේ හරහා වගඋත්තරකරුවන් මෙරට ක්‍රියාත්මක අපරාධ යුක්ති යාන්ත්‍රණය අවභාවිතයට ලක් කර තිබෙනවා. එසේම වගඋත්තරකරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික මිනිස් අයිතිය උල්ලංඝනය කර තිබෙනවා”යනුවෙන් විනිසුරු අලුවිහාරේ මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේය.

    පෙත්සම්කරු කියා සිටින්නේ තමා මිත්‍රයකු මාර්ගයෙන් හඳුනාගත් එම පුද්ගලයා වාහන දෙකක් ලබා දෙන බව පවසා රුපියල් මිලියන 70 ක මුදලක් වංචා කළේ යැයි චෝදනා කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවය.

    ඉන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තමන්ව 2017 වසරේ නොවැම්බර් මස 16 වන දා තමන්ව අත්අඩංගුවට ගෙන වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට දින අටක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව ඇප මත මුදා හළ බවත් පෙත්සම්කරු කියා සිටී.

    තමන් මෙවැනි ක්‍රියාවක් සිදු නොකළ බව පැවසූ පෙත්සම්කරු තමාට එරෙහිව සිදු කළ පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බවත් ඒ මත තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් වගඋත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් පෙත්සම්කරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණි.

    පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වෙත පැවරී තිබෙන බලතල පෞද්ගලික යටි අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදාගත නොහැකි බවත් එසේ කිරීම තුළින් සමාජය තුල නීතියේ ආධිපත්‍ය බිඳ වැටීමක් සිදු වන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරු අඟවා සිටියේය.

    මෙම අනීතික ක්‍රියාව හරහා වගඋත්තරකරුවන් අපරාධ යුක්ති යාන්ත්‍රණය අවභාවිතයට ලක් කර තිබෙන බවත් නඩු තීන්දු තීන්දුව තුළින් තව දුරටත් චෝදනා කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 202601 Views

    මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර චාරිත්‍රානුකූලව අවසන් කරමින් සිදුකරන දිය කැපීමේ චාරිත්‍රය අද (28) උදෑසන මහවැලි…

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.