Close Menu
Lanka Focus News
    What's Hot

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වන්දියක් ගෙවන්නැයි විදුලිබල මණ්ඩලයට නියෝගයක්
    Featured

    වන්දියක් ගෙවන්නැයි විදුලිබල මණ්ඩලයට නියෝගයක්

    By LFNSeptember 21, 2023No Comments3 Mins Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය නොදීම තුළින් ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය බරපතළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුකර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කර තිබේ.

    එමෙන්ම පෙත්සම්කාර සමාගමට මාසයක් ඇතුළත විදුලි ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස සුනිත්‍ය බලශක්ති අධිකාරියට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

    සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා තමන් කළ ඉල්ලීමට බාධා සිදුකරමින් ඊට අනුමැතිය නොදී මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කළ බවට පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබුණේ වව්නියා සෝලා පවර් ප්‍රයිවට් ලිමිටඩ් නමැති සමාගමක් විසිනි.

    ඒ, ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට එරෙහිවය.

    එම සමාගම පවසන්නේ සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා තමන් 2016 මැයි මස අයදුම්පතක් ඉදිරිපත් කළ බවය.

    එම ව්‍යාපෘතිය සඳහා ප්‍රාදේශීය බලධාරීන්ගෙන් අනුමැතිය ලැබුණු නමුත් ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එය ක්‍රියාත්මක කිරීමට බාධා පමුණුවමින් ඊට අනුමැතිය ලබා නොදුන් බවත් පෙත්සමේ සඳහන්ය.

    එම පැමිණිල්ල යසන්ත කෝදාගොඩ, ගාමිණී අමරසේකර සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ විභාගයට ගැනුණ අතර එහි තීන්දුව යසන්ත කෝදාගොඩ විනිසුරුවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

    “රටේ ප්‍රමාණවත් බලශක්ති උත්පාදනයක් නැතිව ජනතාව පීඩාවට පත්වී සිටිනවා. ඒ නිසා විශාල වියදමක් දරා ඉන්ධනවලින් විදුලිය නිෂ්පාදනය කිරීමට පෙළඹී තිබෙනවා. මහජනතාව, වෙළෙඳ හා ආර්ථික ක්ෂේත්‍රය විශාල අගතියකට පත්වී සිටින්නේ දිගුකාලීන බලශක්ති අර්බුදය හේතුවෙන්. මේ නිසා පුනර්ජනනීය ප්‍රභව හරහා බලශක්තිය උත්පාදනය කරගැනීම ඉතා වැදගත්.”

    යනුවෙන් විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සිය තීන්දුවේ කියා සිටියේය.

    මෙම නඩුවට පාදක වන සිද්ධිය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් බවත් ඒ තුළින් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් කෝදාගොඩ මහතා ප්‍රකාශ කළේය.

    ඊට ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සෘජුවම වගකිව යුතු බවත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් බාධා පැමිණ වූ අවස්ථා මීට පෙර ද වාර්තා වු බවත් විනිසුරුවරයා අවධාරණය කරයි.

    “මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රාදේශීය බලධාරීන් අනුමැතිය ලබාදීම නිසා පෙත්සම්කරුවන් තුළ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් නීත්‍යනුකූල අපේක්ෂාවක් ඇති වුණා. එය වගඋත්තරකරුවන් අඩාල කිරීම නිසා ඔවුන්ට විශාල මූල්‍යමය අලාභයක් සිදුවූ බව අධිකරණයේ මතයයි. ඔවුන්ට සිදුවූ අලාභය සම්පූර්ණයෙන්ම ගෙවීමට නොහැකිවීම ගැන කනගාටු වෙනවා. මන්ද එවැනි වන්දි මුදලක් ගෙවීමට සිදු වූවහොත් ඒ තුළින් රජයේ ඒකාබද්ධ අරමුදලට දැරිය නොහැකි බරක් පැටවෙනවා. එසේ වුවහොත් අපහසුතාවට පත්වන්නේ රටේ බදු ගෙවන ජනතාවයි.”

    යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා, පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට නියෝග කළේය.

    එමෙන්ම පෙත්සම්කරුවන්ගේ සූර්ය බලශක්ති විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අභිලාෂය ප්‍රකාශ කිරීමේ ලිපිය වහාම නිකුත් කරන ලෙසත් ලංකා විදුලිබල මණ්ඩලයට නියෝග කරනු ලැබීය.

    එපමණක් නොව විදුලි ව්‍යාපෘතියට අවශ්‍ය බලපත්‍ර සුනිත්‍ය බලශක්ති අධිකාරි පනතේ විධි විධාන ප්‍රකාරව මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස එම අධිකාරියට නියෝග කෙරුණි.

    එමෙන්ම මෙම බරපතළ සිද්ධියට අදාළව විමර්ශනයක් පවත්වා ඊට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නිසි නීතිමය පියවර ගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් අධිකරණය විසින් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කරනු ලැබීය.

    අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙම නඩු තීන්දුවේ පිටපත් නීතිපතිවරයා සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 202601 Views

    මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර චාරිත්‍රානුකූලව අවසන් කරමින් සිදුකරන දිය කැපීමේ චාරිත්‍රය අද (28) උදෑසන මහවැලි…

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.