Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දසුන් සහ ලෝක කුසලාන සංචිතය ගැන සාකච්ඡාවක්
    Featured

    දසුන් සහ ලෝක කුසලාන සංචිතය ගැන සාකච්ඡාවක්

    By LFNSeptember 21, 2023No Comments3 Mins Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා දසුන් ශානක ශ්‍රී ලංකා පිලේ නායකත්වයෙන් ඉවත් කර ඒ සඳහා කුසල් මෙන්ඩිස් පත්කිරීමේ සූදානමක් ඇතැයි විවිධ ප්‍රචාර පැතිර තිබිණි.

    කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියේ දීත් ශ්‍රී ලංකා පිලේ නායකත්වය දසුන් ශානක වෙත ම පැවරීමට ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ (20) තීරණය කර ඇතැයි වාර්තා විය.

    දසුන් ගේ පෞද්ගලික දක්ෂතා දුර්වල මට්ටමක පැවතීම මත ඔහු ව නායකත්වයෙන් ඉවත් කළ යුතු බවට විවේචන එල්ල වූ අතර, තේරීම් කමිටුව මෙම තීරණයට එළැඹ ඇත්තේ, ඊයේ සහ අද පැවැත්වූ දීර්ඝ සාකච්ඡා වට කිහිපයකින් පසු ව බව සඳහන්ය.

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක නායකයකු ලෙස සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කළ ද පිතිකරුවකු සහ පන්දු යවන්නකු ලෙස දක්ෂතා අතරට නොපැමිණීම නිසා බොහෝ විවේචනවලට ලක් විය.

    ඒ අනුව ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව ලද අන්ත පරාජයත් සමඟ දසුන් එක්දින නායකත්වයෙන් ඉවත් කළ යුතු බවට මතයක් නිර්මාණය වූ අතර, සමාජ මාධ්‍යය ඔස්සේ ද විවිධ පාර්ශ්ව ඊට බලපෑම් කළේය.

    මෙවන් පසුබිමක ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය සහ දසුන් තවදුරටත් නායකත්වයේ රඳවාගන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමට විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවැත්විණි.

    නායක දසුන් ශානක, ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සහ තේරීම් කමිටු සාමාජිකයන් ඊට එක් ව සිටි බව වාර්තා වේ.

    එක්දින ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය සම්බන්යෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක මහේල ජයවර්ධන සහ තේරීම් කමිටු සාමාජිකයන් අතර සාකච්ඡාවක් ද ඊයේ පවත්වා තිබේ.

    දසුන් ක්‍රීඩකයකු ලෙස කණ්ඩායමේ අසාර්ථක වුවත් ගෙවුණු වසර දෙකක කාලය තුළ ඔහු නායකයකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ ආකාරය ප්‍රශංසනීය බව ඔහු ගේ නායකත්වයේ දත්ත වාර්තා පෙන්නුම් කරයි.

    2021 වසරේ ජූලි මාසයේ දසුන් ශානක එක්දින කණ්ඩායමේ සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට පත් කෙරුණු අතර, ඔහු යටතේ ශ්‍රී ලංකාව මේ දක්වා එක්දින තරග 39ක් ක්‍රීඩා කර ඉන් තරග 23ක් ජය ගෙන 58.97%ක ජයග්‍රාහී වාර්තාවක් සටහන් කරගෙන ඇත.

    එය දෙවැනි වන්නේ, කුමාර් සංගක්කාර ගේ නායකත්වය යටතේ තරග ජයග්‍රහණ ප්‍රතිශතය වූ සියයට 60ක ප්‍රතිශතයට පමණි.

    එමෙන්ම වසර 08කට පසු දකුණු අප්‍රිකාවට එරෙහි ව එක් දින තරගාවලියක් ජයගැනීම, ඔස්ට්‍රේලියාවට එරෙහි ව මෙරට දී එක්දින තරගාවලියක් ජයගැනීම, වසර 08කට පසු ව ආසියානු කුසලානයක් ජයගැනීම, පිට පිට එක්දින තරගාවලි 03ක් ජයගැනීම, අඛණ්ඩ ව එක්දින තරග 13ක් ජයගැනීම, අඛණ්ඩ ව එක්දින තරග 14ක දී ප්‍රතිවාදී කණ්ඩායම්වල සියලු ක්‍රීඩකයන් දවාගැනීම, එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය අපරාජිත ව ජයගැනීම ආදී ජයග්‍රහණ දසුන් ගේ එක්දින හා විස්සයි විස්ස නායකත්වය යටතේ ලද සුවිශේෂී ජයග්‍රහණ වේ.

    කෙසේ වෙතත් අද පවැති සාකච්ඡාවේ දී අවසන් වශයෙන් තීරණය වී ඇත්තේ, දසුන් ශානකට එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේ ද ශ්‍රී ලංකා නායකත්වයේ වගකීම ලබාදීමටයි.

    මෙලෙස ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතයට ආබාධ හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියට එක් නොවූ දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුසංඛ සහ වනිඳු හසරංග කැඳවීමට නියමිත බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

    වනිදු ආබාධයකට ලක් ව සිටියත් ඔහු ලෝක කුසලාන තරගාවලිය අතරමැද හෝ තරග සඳහා එක් කිරීමට අපේක්ෂා කෙරෙන බව සඳහන්ය.

    ඒ අනුව 15 දෙනකු ගෙන් සමන්විත ශ්‍රී ලංකා එක්දින ලෝක කුසලාන සංචිතය අද හෝ හෙට දින ක්‍රීඩා අමාත්‍යවරයා ගේ අනුමැතිය සඳහා යොමු කෙරෙනු ඇති බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අවධානයෙන් ඉන්න ! කාලගුණයේ අලුත්ම දැනුම්දීම

    May 11, 2026

    පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශය යොදා ගැනීමට රජයෙන් තීරණයක්

    May 11, 2026

    වියට්නාම ජනපති අද දිවයිනට

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 202600 Views

    එංගලන්ත අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.