Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026

    ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස

    March 22, 2026

    සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි

    March 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ස්ථානාධිපතිට බැන වැදුණු කතක් අත්අඩංගුවට
    Featured

    ස්ථානාධිපතිට බැන වැදුණු කතක් අත්අඩංගුවට

    By LFNSeptember 20, 2023No Comments1 Min Read142 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බිංගිරිය පොලිස් ස්ථානයට කඩා වැදී රාජකාරියේ නිරත වෙමින් සිටි රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට බැන වැදුණු බව කියන කාන්තාවක් මෙම මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    හෙට්ටිපොළ මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇති අතර, සැකකාරිය හිඟුරක්ගොඩ, තානායම පාර පදිංචි කාන්තාවක් බව වාර්තා වේ.

    ඉකුත් 19 වැනිදා දහවල් කාලයේ දී තමන් පොලිස් ස්ථානයේ නිල කාමරයේ රාජකාරියේ නිරත වෙමින් සිටින අතරතුර එක් කාන්තාවක් පැමිණ තමාට පරුෂ වචනයෙන් බැන වැද රාජකාරියට බාධා කළ බවට පැමිණිලිකාර පොලිස් නිලධාරියා සඳහන් කර ඇත.

    පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ, බිංගිරිය පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථනාධිපති පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියංකර යන අය විසිනි.

    පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වී ඇති පොලිස් නිලධාරින් බිංගිරිය, බෝවත්ත බස් නැවතුම්පොළ අසල රැඳී සිටින විට සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

    පැමිණිලිකාර පොලිස් පරීක්ෂකවරයා කටුනායක ප්‍රදේශයේ රාජකාරි කටයුතු සිදු කරන කාලයේ සැකකාරිය සමඟ සබඳතාවක් පවත්වා ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.

    එම සබඳතාව නවත්වා දැමූ නමුත් පැමිණිලිකාර පොලිස් නිලධාරියා පසු ව සේවය කරන සෑම පොලිස්
    ස්ථානයක් වෙතම ගොස් සැකකාරිය කලහකාරී ලෙස හැසිරී ඇති බව විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

    සිද්ධිය පිළිබඳ බිංගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026

    ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස

    March 22, 2026

    සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි

    March 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 202604 Views

    අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ නිවසක බලපත්‍ර රහිතව ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 2200ක පමණ ප්‍රමාණයක් සමඟ…

    ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස

    March 22, 2026

    සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි

    March 22, 2026

    ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 100කට තුවාල

    March 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.