Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අරගල මන්ත්‍රී වන්දිය මිලියන 1,414 ක් දක්වා ඉහළට
    Featured

    අරගල මන්ත්‍රී වන්දිය මිලියන 1,414 ක් දක්වා ඉහළට

    By LFNSeptember 20, 2023No Comments2 Mins Read147 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අරගල සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දේපොළ විනාශයන් වෙනුවෙන් රජයෙන් ගෙවීමට නියමිත වන්දි මුදල රුපියල් මිලියන 1414 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    තොරතුරු වාර්තා වන්නේ ඉන් මේ වනවිටත් රුපියල් මිලියන 714 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකු සඳහා ගෙවා අවසන් බවටය.

    2022 මාර්තු 31 දින සිට ජුලි 22 දක්වා අරගලය ක්‍රියාත්මක වූ කාලසීමාවේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එවක ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ නිවාස ඇතුළු දේපොළ ගිනි තබා විනාශ කෙරුණි.

    එලෙස දේපොළ හානි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වන්දි ගෙවීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති පාර්ලිමේන්තු කටයුතු අංශය පියවර ගනු ලැබීය.

    ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකුට මේ වනවිට හානි පූර්ණ වන්දි ලෙස ලබාදී ඇති මුදල රුපියල් මිලියන 714 කි.

    එමෙන්ම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනෙකුටත් හානි පූර්ණ වන්දි මුදල් ගෙවීම සඳහා තීරණය කර තිබේ.

    එම මන්ත්‍රීවරුන් 13 දෙනා වෙනුවෙන් තක්සේරු කර ඇති මුදල රුපියල් මිලියන 700 කි.

    මෙම අතිරේක ප්‍රතිපාදන ලබාගැනීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතියත් හිමිව අවසන්.

    මෙලෙස හානි පූරණ වන්දි මුදල් ප්‍රදානය කිරීම සඳහා තවත් රුපියල් මිලියන 200 ක පමණ මුදලක් අවශ්‍ය වනු ඇති බව ද පාර්ලිමේන්තු කටයුතු අංශය අවධාරණය කරයි.

    මේ අතර අරගල කාලසීමාවේදී දේපොළ විනාශ වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ප්‍රාදේශීය දේශපාලනඥයින් සහ සිවිල් පුරවැසියන් 73 දෙනකු සඳහා ද හානිපූර්ණ වන්දි ලෙස රජය රුපියල් මිලියන 519ක් ප්‍රතිශත වශයෙන් ලබාදී තිබේ.

    එම පුද්ගලයින්ට වන්දි මුදල් ප්‍රදානය කිරීම සිදුකරනු ලබන්නේ, ”හානි පූර්ණය සඳහා වන කාර්යාලය” මගිනි.

    ඔවුන්ට හිමි ඉතිරි වන්දි මුදල් ඉදිරියේදී ගෙවීමට කටයුතු කරනු ඇති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 202600 Views

    එංගලන්ත අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.