Close Menu
Lanka Focus News
    What's Hot

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ධනුෂ්කට චෝදනා එල්ලකළ තරුණිය අවසානයේ පිළිගත් කතාව
    Featured

    ධනුෂ්කට චෝදනා එල්ලකළ තරුණිය අවසානයේ පිළිගත් කතාව

    By LFNSeptember 20, 2023No Comments2 Mins Read231 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරියක ඉදිරියේ ඊයේ දෙවැනි දිනටත් විභාග කෙරුණි.

    එහිදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ අදාළ කාන්තාවගෙන් හරස් ප්‍රශ්න අසනු ලැබුවේ, ධනුෂ්කගේ නීතිඥ මුරුගන් තංගරාජ් මහතා විසිනි.

    ටින්ඩර් සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගෙන සිඩ්නි නුවර අවන්හලකදී හමු වී දෙදෙනා එක්ව මත්පැන් පානය කොට ඇයගේ නිවසට ගිය පසු තමන්ගේ කැමැත්තකින් තොරව ධනුෂ්ක ලිංගික ක්‍රියාවක නිරත වූ බවට ඇය චෝදනා එල්ල කර තිබුණි.

    කෙසේ වෙතත්, ධනුෂ්කට චෝදනා හතරක් එල්ල වූවත් මේ වනවිට එය එක් චෝදනාවකට සීමා වී ඇති අතර තමා ඊට නිවැරදිකරු බව ධනුෂ්ක ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නඩු විභාගය ආරම්භ වූයේ පෙරේදා දිනයේදීය.

    අදාළ කාන්තාව වෙත ඊයේ හරස් ප්‍රශ්න යොමු කළ නීතීඥයා විමසා සිටියේ ධනුෂ්ක හිතාමතාම අනාරක්ෂිත ලිංගික ක්‍රියාවක නිරත වූ බව තමාට නිසැකව තහවුරු කළ හැකිද යන්නයි.

    ඇය මීට පෙර ලබාදී ඇති සාක්ෂි සහ සඳහන් කර ඇති කාල විරාමයන් අනුව ධනුෂ්කට ඊට අවස්ථාවක් තිබුණේද යන්න නීතිඥ මුරුගන් තංගරාජ් විමසා සිටියේය.

    එමෙන්ම එලෙස අපයෝජනයට ලක් වූ බව කියන රාත්‍රියේ තමාට ඕනෑම මොහොතක ධනුෂ්කගෙන් මිදී තනිව ඇගේ නිවසට යාමට හැකියාවක් තිබූ බවද හරස් ප්‍රශ්න ඇසීමේදී අදාළ කාන්තාව පිළිගෙන තිබේ.

    තම නිවසට පැමිණි ධනුෂ්කට මත්පැන් ලබාදී ඉටි පහන් දල්වා ස්වභාවික සන්ධ්‍යාවක රසාස්වාදය ලැබීම සඳහා තමා පසුබිම සකස් කළා නොවේදැයි ධනුෂ්කගේ නිතිඥයා විමසා සිටි අතර අදාළ කාන්තාව එම මතයට එකඟ වී නොමැත.

    ඔස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කළේ ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව ඔහු පැමිණිලිකාර කාන්තාවගේ අනුදැනුමකින් තොරව අනාරක්ෂිත ලිංගික ක්‍රියාවලියක නිරතවී ද යන්න මත පදනම් වී ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 202603 Views

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි…

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.