Close Menu
Lanka Focus News
    What's Hot

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ධනුෂ්කට චෝදනා එල්ලකළ තරුණිය අවසානයේ පිළිගත් කතාව
    Featured

    ධනුෂ්කට චෝදනා එල්ලකළ තරුණිය අවසානයේ පිළිගත් කතාව

    By LFNSeptember 20, 2023No Comments2 Mins Read230 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරියක ඉදිරියේ ඊයේ දෙවැනි දිනටත් විභාග කෙරුණි.

    එහිදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ අදාළ කාන්තාවගෙන් හරස් ප්‍රශ්න අසනු ලැබුවේ, ධනුෂ්කගේ නීතිඥ මුරුගන් තංගරාජ් මහතා විසිනි.

    ටින්ඩර් සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගෙන සිඩ්නි නුවර අවන්හලකදී හමු වී දෙදෙනා එක්ව මත්පැන් පානය කොට ඇයගේ නිවසට ගිය පසු තමන්ගේ කැමැත්තකින් තොරව ධනුෂ්ක ලිංගික ක්‍රියාවක නිරත වූ බවට ඇය චෝදනා එල්ල කර තිබුණි.

    කෙසේ වෙතත්, ධනුෂ්කට චෝදනා හතරක් එල්ල වූවත් මේ වනවිට එය එක් චෝදනාවකට සීමා වී ඇති අතර තමා ඊට නිවැරදිකරු බව ධනුෂ්ක ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නඩු විභාගය ආරම්භ වූයේ පෙරේදා දිනයේදීය.

    අදාළ කාන්තාව වෙත ඊයේ හරස් ප්‍රශ්න යොමු කළ නීතීඥයා විමසා සිටියේ ධනුෂ්ක හිතාමතාම අනාරක්ෂිත ලිංගික ක්‍රියාවක නිරත වූ බව තමාට නිසැකව තහවුරු කළ හැකිද යන්නයි.

    ඇය මීට පෙර ලබාදී ඇති සාක්ෂි සහ සඳහන් කර ඇති කාල විරාමයන් අනුව ධනුෂ්කට ඊට අවස්ථාවක් තිබුණේද යන්න නීතිඥ මුරුගන් තංගරාජ් විමසා සිටියේය.

    එමෙන්ම එලෙස අපයෝජනයට ලක් වූ බව කියන රාත්‍රියේ තමාට ඕනෑම මොහොතක ධනුෂ්කගෙන් මිදී තනිව ඇගේ නිවසට යාමට හැකියාවක් තිබූ බවද හරස් ප්‍රශ්න ඇසීමේදී අදාළ කාන්තාව පිළිගෙන තිබේ.

    තම නිවසට පැමිණි ධනුෂ්කට මත්පැන් ලබාදී ඉටි පහන් දල්වා ස්වභාවික සන්ධ්‍යාවක රසාස්වාදය ලැබීම සඳහා තමා පසුබිම සකස් කළා නොවේදැයි ධනුෂ්කගේ නිතිඥයා විමසා සිටි අතර අදාළ කාන්තාව එම මතයට එකඟ වී නොමැත.

    ඔස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කළේ ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව ඔහු පැමිණිලිකාර කාන්තාවගේ අනුදැනුමකින් තොරව අනාරක්ෂිත ලිංගික ක්‍රියාවලියක නිරතවී ද යන්න මත පදනම් වී ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 202601 Views

    මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර චාරිත්‍රානුකූලව අවසන් කරමින් සිදුකරන දිය කැපීමේ චාරිත්‍රය අද (28) උදෑසන මහවැලි…

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.