Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට

    March 22, 2026

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026

    ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස

    March 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පුතාට කළ වංචාවට ව්‍යාපාරික තාත්තා පළිගත් හැටි
    Featured

    පුතාට කළ වංචාවට ව්‍යාපාරික තාත්තා පළිගත් හැටි

    By LFNSeptember 20, 2023No Comments2 Mins Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සීදූව, දඬුගංඔය ඉවුරේ ගමන් බෑගයක තිබී පුද්ගල මළ සිරුරක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු 6 දෙනෙක් සීදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඝාතනයට ලක්වූ පුද්ගලයා අදාළ ව්‍යාපාරිකයාගේ පුත්‍රයෙකු ජපානයට යවන බව පවසා රුපියල් ලක්ෂ 24ක මුදලක් ලබාගෙන ඇති බවය.

    කෙසේවෙතත් ඔහු නැවත එම මුදල් ලබාදීමක් හෝ අදාළ පුත්‍රයා විදෙස්ගත කිරීමක් සිදුකර නොමැත.

    පොලීසිය පැවසුවේ ඉන් උරණ වූ ව්‍යාපාරිකයා ඝාතනයට ලක් වූ පුද්ගලයාව පසුගිය 11 වනදා කොළඹ පාවෙන වෙළෙඳ සංකීර්ණය අසලදී පැහැරගෙන කටානේ පිහිටි තමාට අයත් පොල් ඉඩමකට රැගෙනවිත් සිය පුතුන් දෙදෙනා හා සේවකයන් තිදෙනෙකු සමග එක්ව පහරදී ඇති බවය.

    පොලීසිය වැඩිදුරටත් පැවසුවේ එහිදී ඝාතනයට ලක් වූ පුද්ගලයා පළායෑමට උත්සාහ කර ඇති අතර අනතුරුව ඔහුව අල්ලාගෙන විත් කටානේ පිහිටි අදාළ ව්‍යාපාරිකයාට අයත් හෝටලයක පාලු කාමරයකට රැගෙන ගොස් යළිත් සිදුකළ පහරදීමේදී ඔහු මියගොස් ඇති බවය.

    අනතුරුව මියගිය පුද්ගලයාගේ සිරුර ගමන් බෑගයකට දමා ව්‍යාපාරිකයාගේ මෝටර් රථයෙන්ම කොටුගොඩ ප්‍රදේශයෙන් දඬුගං ඔයට දැමූ බවද සැකකරුවන් පොලීසිය හමුවේ පවසා තිබේ.

    පොලීසිය පැවසුවේ ඝාතනයට ලක් වූ පුද්ගලයා මීට පෙරද විවිධ පුද්ගලයන් විදෙස්ගත කරන බව පවසා මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වී සිටි පුද්ගලයෙක් බවට අනාවරණය වී ඇති බවය.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සීදූව පොලීසිය විසින් සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026

    ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස

    March 22, 2026

    සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි

    March 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට

    March 22, 202602 Views

    න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අයත් අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට පැමිණ ඇති…

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026

    ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස

    March 22, 2026

    සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි

    March 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.