Close Menu
Lanka Focus News
    What's Hot

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දැරියන්ගේ නිරුවත් ඡායාරූප විකිණූ චීවරධාරියා කොටුවෙයි
    Featured

    දැරියන්ගේ නිරුවත් ඡායාරූප විකිණූ චීවරධාරියා කොටුවෙයි

    By LFNSeptember 20, 2023No Comments2 Mins Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන සමාජ මාධ්‍ය සමූහයන් තුළ අලෙවි වන බවට ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    නූතන තාක්ෂණය භාවිත කරමින් සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ රාගම අවට ස්ථානයක සිට කිසිවෙකු විසින් මෙලෙස කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන ඇතුළත් රූපරාමු තොග වශයෙන් අලෙවි කිරීමේ නිරත වන බවය.

    ඔහු ඒ සඳහා මුදල් ලබාගන්නේ ක්‍රිප්ටෝ කරන්සි ක්‍රමයෙන් බවද විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන තිබුණි.

    ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඊයේ දිනයේදී විමර්ශන නිලධාරීන් රාගම ප්‍රදේශයට ගිය අවස්ථාවේදී හෙළිවී ඇත්තේ මෙම ජාවාරම මෙහෙයවන්නේ ප්‍රදේශයේ විහාරස්ථානයක සිට බවය.

    අනතුරුව අදාළ විහාරස්ථානය පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ එහි සිටි 19 හැවිරිදි චීවරධාරියෙකු විසින් මෙම ජාවාරම සිදුකර ඇති බවය.

    මාස 7 සිට අවුරුදු 18 දක්වා දෙස් විදෙස් කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන 1500ක් පමණ සැකකරු භාවිත කරන පරිගණකයෙන් තිබී විමර්ශන නිලධාරීන් සොයාගත් අතර ඒ අතරින් සියයට 80ක් පමණ වයස අවුරුදු 10ට අඩු දැරියන්ගේ බව අනාවරණය වී තිබේ.

    සමාජ මාධ්‍ය ජාල සහ විවිධ යෙදවුම්වලට වෙනත් පුද්ගලයින් මුදාහරින කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන තමා අලෙවි කළ බව සැකකාර චීවරධාරියා පිළිගෙන තිබේ.

    සැකකාර චීවරධාරියා අදාළ වීඩියෝ පට අලෙවි කර උපයන මුදල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ බැංකු ගිණුමකට බැරකරගෙන ඇති අතර, බැංකු ගිණුමේ හිමිකරුට පවසා ඇත්තේ තමන් සුළු ව්‍යාපාරයක් ලෙස ග්‍රැෆික් දර්ශන සකසා අලෙවි කර උපයන මුදල් ඊට බැරවන බවය.

    අත්අඩංගුවට ගත් සැකකාර චීවරධාරියා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 202601 Views

    මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර චාරිත්‍රානුකූලව අවසන් කරමින් සිදුකරන දිය කැපීමේ චාරිත්‍රය අද (28) උදෑසන මහවැලි…

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.