Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට

    March 22, 2026

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026

    ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස

    March 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උද්දිකට එල්ලවූ වෙඩි ප්‍රහාරය ගැන අධිකරණයෙන් නියෝගයක්
    Featured

    උද්දිකට එල්ලවූ වෙඩි ප්‍රහාරය ගැන අධිකරණයෙන් නියෝගයක්

    By LFNSeptember 19, 2023No Comments1 Min Read164 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර පොලීසියට නියෝග කර තිබේ.

    වෙඩික්කරුවන් හඳුනාගැනීමට පොලිස් බුද්ධි අංශවල සහ පෞද්ගලික ඔත්තුකරුවන්ගේ සහාය ද ලබාගන්නා ලෙස එහිදී වැඩිදුරටත් නියෝග කර ඇත.

    අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා මෙම නියෝග නිකුත් කර තිබේ.

    එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද එහිදී දැනුම්දී ඇත.

    අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා මෙසේ නියෝග කළේ, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතා ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාර 02ක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

    ඉකුත් 17 වනදා රාත්‍රියේදී අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ නිවස අසලදී මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

    සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයකින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පොලීසිය පවසයි.

    කෙසේවෙතත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026

    ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස

    March 22, 2026

    සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි

    March 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට

    March 22, 202602 Views

    න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අයත් අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට පැමිණ ඇති…

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026

    ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස

    March 22, 2026

    සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි

    March 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.