Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට දුම්රිය මාර්ග දෙපසට සංඥා පුවරු

    September 9, 2025

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

    September 9, 2025

    ප්‍රබල අකුණු සහ තද වැසි

    September 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උද්දිකට එල්ලවූ වෙඩි ප්‍රහාරය ගැන අධිකරණයෙන් නියෝගයක්
    Featured

    උද්දිකට එල්ලවූ වෙඩි ප්‍රහාරය ගැන අධිකරණයෙන් නියෝගයක්

    By LFNSeptember 19, 2023No Comments1 Min Read164 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර පොලීසියට නියෝග කර තිබේ.

    වෙඩික්කරුවන් හඳුනාගැනීමට පොලිස් බුද්ධි අංශවල සහ පෞද්ගලික ඔත්තුකරුවන්ගේ සහාය ද ලබාගන්නා ලෙස එහිදී වැඩිදුරටත් නියෝග කර ඇත.

    අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා මෙම නියෝග නිකුත් කර තිබේ.

    එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද එහිදී දැනුම්දී ඇත.

    අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා මෙසේ නියෝග කළේ, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතා ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාර 02ක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

    ඉකුත් 17 වනදා රාත්‍රියේදී අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ නිවස අසලදී මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

    සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයකින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පොලීසිය පවසයි.

    කෙසේවෙතත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට දුම්රිය මාර්ග දෙපසට සංඥා පුවරු

    September 9, 2025

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

    September 9, 2025

    ප්‍රබල අකුණු සහ තද වැසි

    September 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,359 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,543 Views
    Don't Miss

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට දුම්රිය මාර්ග දෙපසට සංඥා පුවරු

    September 9, 20250122 Views

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වාලීම සඳහා කඩිනම් විසඳුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් පරිසර අමාත්‍ය වෛද්‍ය…

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

    September 9, 2025

    ප්‍රබල අකුණු සහ තද වැසි

    September 9, 2025

    ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙට

    September 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.