Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට

    March 22, 2026

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026

    ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස

    March 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කැබලිත්ත රක්ෂිතය ගැන අධිකරණයට ආ කතාව
    Featured

    කැබලිත්ත රක්ෂිතය ගැන අධිකරණයට ආ කතාව

    By LFNSeptember 19, 2023No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වත්තේගම, කැබලිත්ත රක්ෂිත වනාන්තර කලාපය තුළ නීතිවිරෝධී ක්‍රියා සිදුනොවීමට වගබලා ගන්නා බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අභියාචනාධිකරණයට පොරොන්දුවක් ලබා දී තිබේ.

    වත්තේගම, කැබලිත්ත රක්ෂිත වනාන්තර කලාපය තුළ සිදුවන නීතිවිරෝධී කැලෑ එලිකිරීම සහ එහි සේවයේ නියුතු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සිදුවන හිරිහැර වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත්කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී එම පොරොන්දුව ලබාදීම සිදුකෙරුණි.

    එම පෙත්සම ඊයේ (18) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

    එහිදී පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාඹරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වත්තේගම, කැබලිත්ත රක්ෂිත වනාන්තර කලාපය තුළ සිදුවන කැළෑ හෙළිකිරීම් ඇතුළු නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීමේ අරමුණින් සහ ඒ ආශ්‍රිතව සේවයේ නියුතු වන සංරක්ෂණ නිලධාරීන්ගේ ආරක්ෂාව තකා එම පෙත්සම ඉදිරිපත්කළ බව සඳහන් කළේය.

    ඒ අනුව අදාළ රක්ෂිත කලාපය තුළ කැලෑ කැපීම්, ඉඩම් කොටස් කිරීම වැනි නීතිවිරෝධී ක්‍රියා සිදුවීම වැළැක්වීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා ඉල්ලා සිටියේය.

    එහිදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරයා සඳහන් කළේ කැබලිත්ත රක්ෂිත වනාන්තර කලාපය තුළ නීතිවිරෝධී ලෙස කැලෑ කැපීම් ඇතුළු නීතිවිරෝධී ක්‍රියා සිදුනොවීමට එම නිලධාරීන් වගබලා ගන්නා බවය.

    ඒ අනුව, එම කරුණු අඩංගු මෝසමක් ඔක්තෝබර් මස 16 වනදා අධිකරණය හමුවේ ගොනු කරන ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල රජයේ නීතිඥවරයාට නියම කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026

    ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස

    March 22, 2026

    සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි

    March 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට

    March 22, 202602 Views

    න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අයත් අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට පැමිණ ඇති…

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026

    ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස

    March 22, 2026

    සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි

    March 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.