Close Menu
Lanka Focus News
    What's Hot

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගණේමුල්ල සංජීව ලංකාවට ආපු හේතුව හෙළිවෙයි
    Featured

    ගණේමුල්ල සංජීව ලංකාවට ආපු හේතුව හෙළිවෙයි

    By LFNSeptember 18, 2023No Comments2 Mins Read194 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කටුනායක ගුවන්තොටුපලේ දී පසුගියදා අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර නොහොත් ගණේමුල්ලේ සංජීව ප්‍රශ්න කිරීම සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත රැගෙනවිත් තිබේ .

    ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පසුගියදා අවසර ලබාදුනි.

    කෙසේවෙතත් ගණේමුල්ලේ සංජීව ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිතව අපරාධ රැසක් සිදුකර තිබීම නිසා විමර්ශනවල පහසුව උදෙසා ඔහු වීරඟුල පොලීසියට පසුගිය (16) රැගෙන ආවේ එහි රඳවාගෙන ප්‍රශ්න කිරීමටය.

    මේ හේතුවෙන් වීරඟුල පොලීසිය අවට ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.

    සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස පසුගිය සමයේ අපරාධ සඳහා භාවිත කළ ටී56 වර්ගයේ ගිනිඅවියක් සොයාගැනීමට පොලීසිය සමත් විය.

    මේ අනුව, ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක සිදුවූ ඝාතනවලට මෙම ගිනිඅවිය භාවිත කර ඇති බවටත් ඔහුට අයත් තවත් ගිනිඅවි සඟවා ඇති බවටත් පොලීසිය සැක පළ කරයි.

    මේ අතර ගණේමුල්ලේ සංජීව මෙරටට පැමිණීමට හේතුව මේ වනවිට පොලීසිය අනාවරණ කරගෙන ඇත.

    2021 වසරේදී තලෙයිමන්නාරම ප්‍රදේශයෙන් බෝට්ටුවක් හරහා ඉන්දියාවට ගොස් ඇති සංජීව පසුව නේපාලයේ කත්මන්ඩු වෙත ගොස් එතැනින් දෝහා කටාර් වෙත පිටත්ව ගොස් ඇති බව පැවසේ.

    නමුත් ඔහු ඒ සඳහා භාවිත කර තිබුණේ ව්‍යාජ ගමන් බලපත්‍රයක් බවට අනාවරණ වීමෙන් පසු ඔහු නැවතත් දෝහා කටාර් සිට නේපාලයේ කත්මන්ඩු දක්වාත්, එතැනින් යළි ශ්‍රී ලංකාව දක්වාත් පිටුවහල් කර ඇති බව පොලීසියට තහවුරු ඇත.

    ඔහුගේ ව්‍යාජ ගමන් බලපත්‍රයට අනුව ඔහු ලංකාවේ සිට ඉන්දියාවටත්, පසුව නේපාලයටත් පැමිණි බවට සටහන් වී තිබුණත් ඒවා තබා ඇත්තේ ව්‍යාජ මුද්‍රා භාවිත කරමින් බවට මේ වන විටත් පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

    බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ගණේමුල්ලේ සංජීව පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

    මේ අතර ගණේමුල්ලේ සංජීවගේ සුවදුක් විමසීමට පැමිණි ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රබල දේශපාලනඥයෙක්ගේ ආධාරකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

    ඔවුන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පාතාලයට සම්බන්ධ බවට ඇතිවූ සැකයක් මතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 202601 Views

    මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර චාරිත්‍රානුකූලව අවසන් කරමින් සිදුකරන දිය කැපීමේ චාරිත්‍රය අද (28) උදෑසන මහවැලි…

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.