Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපතිගේ ජර්මානු සංචාරය ගැන සිදුකළ වැරදි පුවතක්

    June 19, 2025

    තරුණයෙකුට වදහිංසා කළ පොලිස් ලොක්කෝ දෙදෙනෙකුට දුන් දඬුවම

    June 19, 2025

    විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා එක්ව කළ වංචාව

    June 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කාදිනල් හිමිගෙන් ජනපතිට චෝදනාවක්
    Featured

    කාදිනල් හිමිගෙන් ජනපතිට චෝදනාවක්

    By LFNSeptember 18, 2023No Comments2 Mins Read142 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    චැනල් 4 නාළිකාව හෙළි කළ කරුණු පිළිබඳ සොයා බැලීම සඳහා කමිටු පත් කිරීම ද පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලීමට පත්කළ කමිටු සේම නිෂ්ඵල ක්‍රියාවක් බව අගරදරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

    ප්‍රහාරය සඳහා වගකිව යුතු පාර්ශව ඉහළ තනතුරුවල සිටියදී ස්වාධීන විමර්ශන කරන්නේ කෙසේදැයි අගරදගුරු හිමියන් ප්‍රශ්න කළේය.

    අගරදගුරු හිමියන් මේ බව පැවසුවේ කළුතර ශාන්ත මරියා දේවස්ථානයේ පැවති දිව්‍ය පූජාවට එක්වෙමිනි.

    “එදා පාස්කු බෝම්බ ප්‍රහාරයට හසු වූ 273 දෙනා වෙනුවෙන් මා මේ දේ කිවයුතුමයි. දැන් මේ රටේ නායකයා තීරණය කරලා තියෙනවාලු මේ සම්බන්ධයෙන් වෙනම කමිටුවක් පත්කරලා චැනල් 4 නාළිකාව පෙන්නපු වැඩසටහනේ ඇති කරුණු විග්‍රහ කරන්න. මම අහන්න කැමතියි අපේ රටේ නායකයාගෙන්, එදා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරලා මේ නායකයාම තමයි ඒ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පත්කළේ.”

    “ඒ තේරීම්කාරක සභාවේ වාර්තාවේ 134 වෙනි පිටුවේ සඳහන් කරලා තියෙනවා මෙන්ම මේ පොලීසියේ උසස් නිලධාරියා මේ සිද්ධිය සම්බන්ධව ඉතාමත් බරපතළ වගකීමක් දරන කෙනෙක් කියලා. ඒ නිසා ඔහුව නීතිය හමුවට පැමිණවිය යුතුයි කියලා අද වෙනතුරු මොකක්ද වෙලා තියෙන්නේ. ඒ උසස් නිලධාරියා තාමත් පොලීසියේ එම තනතුරටත් වඩා උසස් තනතුරක් දරමින් ජීවත්වෙනවා. තවත් කමිටු පත් කිරීමේ තේරුම කුමක්ද? මේවා ඇස්බැන්දුම් – නායකයින්ගේ හැසිරීම ලැජ්ජා සහගතයි.”

    කළුතර ශාන්ත මරියා දේවස්ථානයේ 125වන ජුබිලි සැමරුම අද පැවැත්වුණේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.

    උදෑසන දේව මෙහෙය සඳහා බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටි අතර ප්‍රධාන දේව මෙහෙය පවත්වනු ලැබුවේ අගරදගුරු හිමිපාණන් විසිනී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපතිගේ ජර්මානු සංචාරය ගැන සිදුකළ වැරදි පුවතක්

    June 19, 2025

    තරුණයෙකුට වදහිංසා කළ පොලිස් ලොක්කෝ දෙදෙනෙකුට දුන් දඬුවම

    June 19, 2025

    විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා එක්ව කළ වංචාව

    June 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,498 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,924 Views
    Don't Miss

    ජනපතිගේ ජර්මානු සංචාරය ගැන සිදුකළ වැරදි පුවතක්

    June 19, 20250117 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉකුත්දා සිදුකළ ජර්මානු සංචාරයේ නිරතව සිටියදී, ඒ පිළිබඳව ජනතාව කුපිත…

    තරුණයෙකුට වදහිංසා කළ පොලිස් ලොක්කෝ දෙදෙනෙකුට දුන් දඬුවම

    June 19, 2025

    විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා එක්ව කළ වංචාව

    June 19, 2025

    සංචාරක ක්ෂේත්‍රයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප වර්ධනයට පියවර

    June 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.