Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්

    March 22, 2026

    න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට

    March 22, 2026

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඝාතනයකින් පසු සැකකරු මහවැලි ගඟට පනින්න යයි
    Featured

    ඝාතනයකින් පසු සැකකරු මහවැලි ගඟට පනින්න යයි

    By LFNSeptember 17, 2023No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කටුගස්තොට, මැණික්කුඹුර පටුමාවත ප්‍රදේශයේ තෙමහල් නිවසක ආරක්ෂාවට යොදවා සිටි පෞද්ගලික ආරක්ෂකයෙක් එම නිවෙස්හිමියාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ 56 හැවිරිදි එක්දරු පියෙකි.

    ඊ (16) අළුයම 5ට පමණ නිවෙස්හිමියාව නිවසින් එළියට කැඳවා ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පැවසීය.

    අනතුරුව තියුණු ආයුධය ද රැගෙන ඝාතනයා මහවැලි ගඟට පැනීමට උත්සාහා කිරීමේදී ප්‍රදේශවාසීන් ඔහුව අල්ලාගෙන පොලීසිය භාරදී තිබුණි.

    මියගිය පුද්ගලයාගේ බිරිඳ මැදපෙරදිග රැකියාවක නිරතව සිටින අතර මියගිය පුද්ගලයා එම නිවසේ තනිව වාසයකරන ඇති බව පොලීසිය පැවසීය.

    ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

    මේ අතර රත්මලාන ඥානේන්ද්‍රාරාම පාරේ පසුගියදා පුද්ගලයෙකුට වෙඩිතබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ පිස්තෝලයක්, උණ්ඩ සහ අත් මාංචු සමගින් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මීගොඩ ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් විසිනි.

    සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඩුබාහි සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ප්‍රියන්ත නැමැත්තාගේ උපදෙස් මත එම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

    වෙඩිතැබීම සිදුකළ එක් සැකකරුවෙකු රාජ්‍ය නොවන සංවිධානයක විමර්ශන නිලධාරියෙකු ලෙස සේවය කර ඇති අතර අනෙක් සැකකරු යුද හමුදාවෙන් පළාගිය පුද්ගලයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්

    March 22, 2026

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026

    ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස

    March 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්

    March 22, 202603 Views

    ලංකා සුදු ඩීසල් මිල ගණන්වල වැඩිවීම, බස් ගාස්තු ඉහළ නැංවීමේ සූත්‍රයට ගැලපූ විට මේ වනවිට…

    න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට

    March 22, 2026

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026

    ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස

    March 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.