Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 2025

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඝාතනයකින් පසු සැකකරු මහවැලි ගඟට පනින්න යයි
    Featured

    ඝාතනයකින් පසු සැකකරු මහවැලි ගඟට පනින්න යයි

    By LFNSeptember 17, 2023No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කටුගස්තොට, මැණික්කුඹුර පටුමාවත ප්‍රදේශයේ තෙමහල් නිවසක ආරක්ෂාවට යොදවා සිටි පෞද්ගලික ආරක්ෂකයෙක් එම නිවෙස්හිමියාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ 56 හැවිරිදි එක්දරු පියෙකි.

    ඊ (16) අළුයම 5ට පමණ නිවෙස්හිමියාව නිවසින් එළියට කැඳවා ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පැවසීය.

    අනතුරුව තියුණු ආයුධය ද රැගෙන ඝාතනයා මහවැලි ගඟට පැනීමට උත්සාහා කිරීමේදී ප්‍රදේශවාසීන් ඔහුව අල්ලාගෙන පොලීසිය භාරදී තිබුණි.

    මියගිය පුද්ගලයාගේ බිරිඳ මැදපෙරදිග රැකියාවක නිරතව සිටින අතර මියගිය පුද්ගලයා එම නිවසේ තනිව වාසයකරන ඇති බව පොලීසිය පැවසීය.

    ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

    මේ අතර රත්මලාන ඥානේන්ද්‍රාරාම පාරේ පසුගියදා පුද්ගලයෙකුට වෙඩිතබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ පිස්තෝලයක්, උණ්ඩ සහ අත් මාංචු සමගින් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මීගොඩ ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් විසිනි.

    සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඩුබාහි සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ප්‍රියන්ත නැමැත්තාගේ උපදෙස් මත එම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

    වෙඩිතැබීම සිදුකළ එක් සැකකරුවෙකු රාජ්‍ය නොවන සංවිධානයක විමර්ශන නිලධාරියෙකු ලෙස සේවය කර ඇති අතර අනෙක් සැකකරු යුද හමුදාවෙන් පළාගිය පුද්ගලයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 2025

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 20250118 Views

    රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකාට එරෙහිව සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ…

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025

    නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට

    December 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.