Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්

    March 22, 2026

    න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට

    March 22, 2026

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඝාතනයට ලක්වූ බවට සැක සහිත කතකගේ සිරුරු කොටස් හමු වේ
    Featured

    ඝාතනයට ලක්වූ බවට සැක සහිත කතකගේ සිරුරු කොටස් හමු වේ

    By LFNSeptember 17, 2023No Comments2 Mins Read196 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් බවට සැකකරන විකෘති වූ හිස කොටසක් ගමන් මල්ලක තිබී සො‍යාගෙන තිබේ.

    එසේම ඇගේ වම් අත ද ඒ ආසන්නයේම තිබී සොයා ගෙන ඇත.

    ඊයේ (16) එම ශරීර කොටස් සොයාගෙන ඇති බව පොලිසිය පැවසීය.

    එසේ මියගිය කාන්තව වයස අවුරුදු 76ක් වූ රුක්වුඩ් වත්ත, හේවාහැට ප්‍රදේශයේ පදිංචිකාරියක බව සොයාගෙන තිබේ.

    පසුගිය 02 වැනිදා හඟුරන්කෙත පොලිස් වසමේ රුක්වුඩ් වත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් නිවසින් පිට ව ගොස් නැවත නිවසට නොපැමිණීමක් සම්බන්ධයෙන් පසුගිය 06 වැනිදා එම කාන්තාවගේ පුතා විසින් හඟුරන්කෙත පොලිසියට පැමිණිල්ලක් දමා තිබිණි.

    පසු ව පැමිණිලිකරු වන පුතා තම මව පිළිබඳ ප්‍රදේශවාසීන් සමඟ සොයා බැලීමේ දී පසුගිය 09 වැනිදා මතුරට පොලිස් වසමේ ඔකඳගල ගල් කන්ද පාමුල අතුරුදන් කාන්තාවගේ හිස හා වම් අත නොමැතිව නරක් වී ඇති මෘත ශරීරය හමු ව ඇත.

    ඒ සම්බන්ධයෙන් මතුරට පොලිසිය වෙත දැනුම් දීම පරිදි එම සිරුර සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණයක් සිදු කර මෘත දේහය නුවරඑළිය රෝහල වෙත යොමු කිරීමෙන් පසු අධිකරණ වෛද්‍යවරයා විසින් කරන ලද පරික්ෂාවේ දී මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට සැකකරන බවට නිගමනට කර තිබේ.

    ඒ අනුව පොලිසිය විසින් සිදු කළ විමර්ශනයේ දී ඊයේ එම කාන්තාවගේ විකෘති වූ හිස කොටස සහ වම් අත කොටස එසේ සොයාගෙන ඇති අතර, එය නුවරඑළිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් මතුරට පොලිසිය සහ හඟුරන්කෙත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්

    March 22, 2026

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026

    ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස

    March 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්

    March 22, 202603 Views

    ලංකා සුදු ඩීසල් මිල ගණන්වල වැඩිවීම, බස් ගාස්තු ඉහළ නැංවීමේ සූත්‍රයට ගැලපූ විට මේ වනවිට…

    න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට

    March 22, 2026

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026

    ඩීසල් නැවක් මාර්තු 25 දිවයිනට – අමාත්‍ය නලින්ද ජයතිස්ස

    March 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.