Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දුම්රිය ධාවනය ගැන අලුත්ම තත්ත්වය
    Featured

    දුම්රිය ධාවනය ගැන අලුත්ම තත්ත්වය

    By LFNSeptember 13, 2023No Comments3 Mins Read142 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (13) උදෑසන කාර්යාල දුම්රිය ගමන් වාර 40ක් පමණ ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

    කොළඹ කොටුව දක්වා උදෑසන දුම්රිය ගමන් වාර 15ක් සහ පුත්තලම් මාර්ගයේ සිට කොළඹ දක්වා උදෑසන දුම්රිය ගමන්වාර 04ක් ද ධාවනය කිරීමට නියමිතය.

    කැලණිවැලි මාර්ගයේ සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන් වාර 4ක් සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 17ක් ධාවන කෙරෙනු ඇත.

    දුර පළාත්වල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ද සහිතව කාර්‍යාලය සේවය සඳහා ගමන් ගන්නා මගීන් වෙත ගමන් වාර යෙදවීමට ද සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම්.ජේ. ඉඳිපොලගේ මහතා,

    “දුම්රිය රියදුරන් විසින් ඊයේ දිනයේ ආරම්භ කළ වර්ජනය අද දිනයේදීත් දැනට ක්‍රියාත්මක වෙනවා. ඒ වුණත් රියදුරන්ගෙන් කොටසක් මේ වනවිට රාජකාරියේ නිරතවන නිසා දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා. ඒ අනුව අද දිනයේ දුම්රිය ගමන්වාර 50ක් පමණ ක්‍රියාත්මක කරලා තියෙනවා උදෑසන කාලයේ. ඔවුන් වර්ජනය කොපමණ දිනයක් ක්‍රියාත්මක කරනවා ද කියලා හරියට තොරතුරු ලබාදීලා නැති නිසා අපි බලාපොරොත්තු වෙනවා අද දින වර්ජනය අවසන් කරලා සේවයට වාර්තා කරයි කියලා. නිශ්චිත ප්‍රකාශයක් කරන්න අමාරුයි.”

    මේ අතර දුම්රිය සේවාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර තිබේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (12) පස්වරුවේ නිකුත් කර ඇත.

    මඟින් හෝ බඩු ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා, දුම්රිය මාර්ග මඟින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යෑම මෙලෙස අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

    කෙසේ වෙතත් ආරම්භකර ඇති වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් සිදුකරන බව දුම්රිය රියදුරන්ගේ සංගමය පවසයි.

    දුම්රිය රියදුරන් 84 දෙනෙකු විසින් මෙම වර්ජනය පසුගිය සඳුදු මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කෙරුණි.

    දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම් සේනානායක මහතා පවසන්නේ අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීම මඟින් තම වෘත්තීය ගැටලුවලට විසඳුම් නොලැබෙන බවය.

    මේ අතර කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වා ධාවනය කෙරුණු දුම්රියකින් ගමන් කරමින් සිටි මඟියෙකු බුළුගහගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී ඉන් ඇදවැටී තුවාල ලබා තිබේ.

    දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්. ජේ. ඉඳිපොලගේ මහතා පැවසුවේ තදබදය හේතුවෙන් පාපුවරුව මත ගමන් කරමින් සිටියදී ඊයේ පස්වරුවේ ඔහු මෙම අනතුරට මුහුණ දී ඇති බවය.

    දුම්රියෙන් වැටී තුවාල ලැබූ මගියා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

    දුම්රියෙන් ඇද වැටීමෙන් තවත් මඟියෙකු ඊයේ පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වුණි.

    මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය තුළ ඇතිවූ දැඩි මගී තදබදය හේතුවෙන් දුම්රිය වහලය මත ගමන් කල පුද්ගලයෙකු හොරපෙ දුම්රිය ස්ථානය ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වුණි.

    මෙම සියලුම මරණවල වගකීම වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති විසින් දැරිය යුතු බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 202601 Views

    එංගලන්ත අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026

    දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ සිද්ධියට වෛද්‍යවරයෙකුගේ සහ වෛද්‍යවරියකගේ වැඩතහනම්

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.