Close Menu
Lanka Focus News
    What's Hot

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශෂී ට එරෙහි නඩුවට දිනයක්
    Featured

    ශෂී ට එරෙහි නඩුවට දිනයක්

    By LFNSeptember 12, 2023No Comments2 Mins Read185 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් සන්තකයේ තබාගැනීමට එරෙහිව ශෂී වීරවංශ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව ඔක්තෝබර් මස 31 වනදා යළි කැඳවන ලෙස අධිකරණය නියම කළේය.

    පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා මහතා ඇතුළු සාක්ෂිකරුවන් දෙදෙනාට එදින අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසට දැනුම්දුනි.

    එදින නඩුවට අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට ද විත්තියට ඉඩ ලබාදුනි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේදී මෙලෙස ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් භාවිත කළේ යැයි ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට චෝදනා ඉල්ලවී තිබේ.

    කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හමුවේ අද (12) නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා සඳහන් කළේ, සිය සේවාදායිකාවට එරෙහිව මින් පෙර පරවා තිබූ නඩුවක පැමිණිල්ලේ සාක්ෂි ලෙස ඉදිරිපත් කළ ලේඛන බොහොමයක් සහ එම නඩුවේ සාක්ෂිකරුවන්ව මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් කර ඇති බවය.

    එකී ලේඛන මේ වනවිට මහාධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සමක විභාගය සඳහා ඉදිරිපත් කර ඇති බැවින් ඒවා යළි මෙම අධිකරණයට කැඳවා ගැනීමේ අවශ්‍යතාවයක් ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පැවසීය.

    ඒ අනුව එම ලේඛනවල සහතික පිටපත් කැඳවා ගැනීමට හැකියාව පවතින බව අතිරේක මහෙස්ත්‍රාත්වරිය දැනුම්දුනි.

    මෙම නඩුව අද උදෑසන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේදී කැඳවු අතර අභියාචනාධිකරණය විසින් ඊයේ කරතිබූ නියෝගය අනුව එම නඩුව අංක 02 අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    යම් නඩුවක් වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයෙකු අසනීප තත්ත්වයක් හෝ වෙනත් පෞද්ගලික අවශ්‍යතාවයක් මත නඩුව වෙනත් දිනයකට යොමු කරන ලෙස ඉල්ලීමක් කළ විට එම ඉල්ලීම කෙරෙහි අවධානය යොමුකිරීම අධිකරණය ක්ෂේත්‍රයේ පවතින සම්ප්‍රදායක් වුවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු මෙන්ම ජනාධිපති නීතිඥවරයෙකු වන තමා අසනීප බව දැනුම්දී තිබියදීත් නඩුව කැඳවීමට පෙර දිනයේදී අධිකරණය විසින් බලකිරීම සම්බන්ධයෙන් තමා බෙහෙවින් කනගාටු වන බව ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 202603 Views

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි…

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.