Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සරසවි වරම් ලැබූ සිසුවා ජීවිතයෙන් සමුගනී
    Featured

    සරසවි වරම් ලැබූ සිසුවා ජීවිතයෙන් සමුගනී

    By LFNSeptember 9, 2023No Comments2 Mins Read176 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උසස්පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල වරම් හිමිව සතුට සැමරූ දරුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතය හැරගිය පුවතක් කුරුණෑගල රණවන ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

    කුරුණෑගල රණවන ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා මනුජ හංසමල් ජයතිලක නම්වෙයි.

    කුරුණෑගල මලිය⁣දේව විදුහලේ උසස් පෙළ ගණිත අංශයෙන් හැදෑරු ඔහු මෙවර උසස්පෙළ විභාගයෙන් සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් හිමිකරගෙන ඇත.

    දෙවන වර විභාගයට උසස්පෙළ විභාගයට මනුජ නැවත වතාවක් පෙනී සිටින්නේ පළමු වර විභාගයේ ප්‍රතිඵලවලින් ඔහු සෑහිමකට පත් නොවූ නිසාවෙනි.

    එම කාලසීමාව අතරේ ඔහු කුරුණෑගල මල්ලවපිටිය රජයේ බැංකුවක තාවකාලික පදනම මත ලිපිකරුවෙකු ලෙස සේවයේ නිරතව සිට තිබේ.

    ප්‍රතිඵල පැමිණීමත් සමඟ සිය මිතුරන් සමග සතුට සැමරූ මනුජ තමන් රාජකාරී කරන බැංකුවේ සිටි සියලුදෙනාටද සංග්‍රහයක් සිදුකිරීමට අමතකර කර නොමැත.

    එදින එම සාදයෙන් පසුව ඔහු රෑ බෝ වී නිවසට පැමිණ ඇති අතර රාත්‍රී 11 පසුවී ඔහු නින්දට ගොස් තිබේ.

    පසුදින මනුජට රැකියාව සඳහා පිටත්ව යාමට ප්‍රමාද වන බැවින් මව පැමිණ කළ සොයා බැලීමකදී නිදි ඇඳ මත සිහිසුන්ව සිටි මනුජව දැක තිබේ.

    අනතුරුව නිවැසියන් කඩිනමින් ඔහුව කුරුණෑගල ශික්ෂණ රෝහලට රැගෙන ගියද ඒවනවිටත් ඔහු මරණයට පත්ව පැය කීපයක්ම ගතවී ඇති බව වෛද්‍යවරුන් තහවුරු කර තිබේ.

    මනුජගේ දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්.එම්.එච්.එම්.බී. සේනානායක මහතා තම වාර්තාවෙන් පෙන්වාදී තිබුණේ හදවතේ කිරීටක ධමනියක රුධිර ගමනාගමනය අවහිර වීම හේතුවෙන් එම මරණය සිදුව ඇති බවය.

    කිරීටක ධමනියේ එක් ස්ථානයක් රුධිර ගමනාගමනයට අවහිර වන ආකාරයට ඉතා සිහින්ව තිබීම හේතුවෙන් හෘදයේ ඇතිවූ අකර්මණ්‍යතාවයක් මේ සිසුවාට නිදි ඇඳේදීම මරු කැඳවීමට සමත්ව තිබුණි.

    වැල්ලව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202600 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.