Close Menu
Lanka Focus News
    What's Hot

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක්
    Featured

    ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක්

    By LFNSeptember 6, 2023No Comments2 Mins Read161 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබේ.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ කළුගඟ සහ නිල්වලා ගඟ ස්ථාන දෙකක දී පිටාර ගැලීම හේතුවෙන් එම ජල ගැලීම් තත්ත්වයක් හට ගෙන ඇති බවය.

    කළුගඟ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති අතර නිල්වලා ගඟ, තලගහගොඩ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් තිබේ.

    මීට අමතරව කළුගඟ රත්නපුර ප්‍රදේශයෙන්, ගිංගඟ බද්දේගම ප්‍රදේශයෙන්, නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන්, අවධානය යොමුකළ මට්ටමක් දක්වා ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

    මේ අතර පවතින අධික වර්ෂාපතනයත් සමඟ කුකුලේ ගඟ ඉහළ ජල මූලාශ්‍රයන් වෙත දිගින් දිගටම වර්ෂාව ලැබීම හේතුවෙන් කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇත.

    අද උදෑසන 8.00 පමණ වන විට ඉන් තත්ත්පරයට ඝන මීටර් 120ක ජල ධාරිතාවක් කුඩා ගඟට මුදා හැරෙන බව කුකුලේගඟ ජලාශය භාර ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

    මේ හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් බුලත්සිංහල ප්‍රදේශයේ පරගොඩ, දඹල, නාලියද්ද, ඇටඹ ගස් හන්දිය ආදී ප්‍රදේශවල පහත් බිම් රැසක් ජලයෙන් යටව පවතින අතර බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගය දඹල ඇටඹගස් හංදිය සහ නාලියද්ද යන ප්‍රදේශ ජලයෙන් යටවී ඇතැයි අප වාර්තාකරුවන් පැවසීය.

    මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර හේතුවෙන් පාසල් දරුවන් ඇතුළු එම මාර්ගය භාවිතා කරන ප්‍රදේශයේ ජනතාව දැඩි අසීරුතාවකට ලක්ව ඇති බව ද වාර්තා වේ.

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තව දුරටත් වැසි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැඩි ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 202600 Views

    මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර චාරිත්‍රානුකූලව අවසන් කරමින් සිදුකරන දිය කැපීමේ චාරිත්‍රය අද (28) උදෑසන මහවැලි…

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.