Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»චැනල් 4 වීඩියෝව සම්බන්ධයෙන් රටට හිතැති ජනතා සංවිධාය විසින් නිවේදනයක්
    Featured

    චැනල් 4 වීඩියෝව සම්බන්ධයෙන් රටට හිතැති ජනතා සංවිධාය විසින් නිවේදනයක්

    By LFNSeptember 5, 2023Updated:October 3, 2023No Comments3 Mins Read478 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    චැනල් 4 නාලිකාව තුලින් ව්‍යාජ වීඩියෝ පට නිර්මාණය කර ශ්‍රීලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අපකිර්තියට පත් කිරීම සම්බන්ධයෙන් රටට හිතැති ජනතා සංවිධාය විසින් මේසේ නිවේදනයක් නිකුත් කර ඇත.

    චැනල් 4 යනු ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ අවසාන සටනේ දී යුද අපරාධ සිදු වූ බවට කොටි ඩයස්පෝරාවේ මුදලට බොරු වාර්තා චිත්‍රපට සමාජ ගත කරන මාධ්‍ය අභිසාරිකාවකි.
    නැවත ජිනීවා මානව හිමිකම් සමුළුව ළං වෙන නිසා දෝ චැනල් 4 බොරු බේගල් නාළිකාව යළිත් පාස්කු ප්‍රහාරය ගැන අද වාර්තා වැඩසටහනක් ඉදිරිපත් කර ඇත. ඒ සඳහා මෙවර යොදා ගෙන ඇත්තේ ජීවිතාරක්ෂාව පතා ස්විට්සර්ලන්තයට පළා ගියා පිල්ලෙයාන් කල්ලියේ මුදල් කළමණාකරුය.

    ඔහු පිල්ලෙයාන්ගේ විශාල මුදලක් වංචා කොට ස්විට්සර්ලන්තයට පළා ගොස් බොරු ජීවිත තර්ජන පැමිණිලි ඉදිරිපත් කොට ඒ රටේ රැඳෙන්නට බලා සිටින්නෙකි. සිය අරමුණු සඳහා දෙමළ ඩයස්පෝරාව මොහු මිලයට ගෙන ඇති බව ද වාර්තා වෙයි.

    අනෙක් අතට මේ රටේ ප්‍රබල දේශපාලකයෙකුට එරෙහිව ප්‍රකාශයක් කළ පසු තමන්ට නැවත ලංකාවට යා නොහැකි බවත් එහි ජීවිත තර්ජන ඇති බවත් පහසුවෙන් සනාථ කළ හැකිය.
    පාස්කු ප්‍රහාරය ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා දියත් කළ ප්‍රහාරයක් බවට මෙම පුද්ගලයා ලවා ව්‍යාජ මතයක් සමාජගත කිරීම දෙමළ ඩයස්පෝරාවේ අරමුණ වී ඇත. ඒ සඳහා ඩයස්පෝරාව චැනල් 4 මිලයට ගෙන තිබේ.

    සැබවින්ම ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති වීමට එකල කිසිදු බාහිර ප්‍රහාරයක් අවශ්‍යව පැවතියේ නැත. යහපාලන ආණ්ඩුව රටේ ආර්ථිකය, ජාතික ආරක්ෂාව සහ ජාතික උරුමය බිමට සමතලා වන්නට පහර දී තිබිණි.

    පොහොට්ටුව නිර්මාණය කොට වසරක පමණ කාලයක් ඇතුළත එනම් 2018 පැවැති පළාත් පාලන මැතිවරණයෙන් 80%කට වැඩි බලයක් ලබා ගැනීමට ඔවුන් සමත්ව තිබිණි. එකල පාස්කු ප්‍රහාරයක් එල්ල වී තිබුණේ නැත. එවැනි පසුබිමක ගෝඨාභයගේ ජයග්‍රහණය ඉර හඳ මෙන් විශ්වාසනීය විය.

    අනෙක් අතට සිංහල බෞද්ධ පදනමක් සහිත, කූරගල වැනි ස්ථාන වෙත ගොස් එහි බෞද්ධ උරුමය වෙනුවෙන් පෙනී සිටි, රුවන්වැලි සෑය ඉදිරිපිට ජනපති තනතුරේ දිවුරුම් දුන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීමට අන්තවාදී මුස්ලිම් තරුණ පිරිසක් පවුල් පිටින් ජීවිත පූජා කළේ යැයි කීම කෙතරම් විහිළුවක් ද?
    පාස්කු ප්‍රහාරයේ දී මරාගෙන මැරුණු ඊබ්‍රාහිම් පවුලේ පියා සිංහල බෞද්ධ විරෝධී ජවිපෙ ජාතික ලැයිස්තුව නියෝජනය කළ බව අප අමතක කළ යුතු ද? ඉදිරියේ දී මුදල් ලැබෙන්නේ නම් isis සංවිධානය හැදුවේ රාජපක්ෂලා යැයි කියා වුව ද චැනල් 4 ලා චිත්‍රපට හදන්නට බැරිකමක් නැත. මේ රටේ කුහක දේශපාලකයන් සහා කුහක එයද පිළිගැනීමට බැරිකමක් නැත.

    අනෙක් අතට ජනාධිපති මැදුරට පැන තමන් මරා දමන්නට හොයන අයට දිනුම දී ඔවුන්ට විරුද්ධව අහසට පවා වෙඩ උන්ඩයක් නොතබා පුටුවෙන් බැස ගිය ගෝඨාභය රාජපක්ෂ බලය ලබා ගැනීමට රට ම ලේ විලක් කළේ යැයි ප්‍රකාශ කිරීම කෙතරම් පරස්පර ද?
    කිලිං ෆීල්ඩ් චිත්‍රපටය තනමින් ද පාස්කු ප්‍රහාරය රාජපක්ෂලාට සහ රණවිරුවන්ට බැර කරමින් ද චැනල් 4 ඉටු කරන්නේ දෙමළ ඩයස්පෝරාවේ කොන්ත්‍රාත්තුවකි.

    අවසාන වශයෙන් මේ බටහිර බලවතුන් මෙි පණිවිඩය ලබා දෙන්නේ මේ රට වෙනුවෙන් අනාගතයේ පෙනී සිටීමට නියමිත දේශපාලකයින්ට සහ රාජ්‍ය නිලධාරීන්ට බව අප නිවැරදිව අවබෝධ කරගත යුතුය. බටහිර උවමනාවන්ට එරෙහිව රට වෙනුවෙන් පෙනී සිටින අයට මුහුණ දීමට සිදුවන ශෝචනීය අත්දැකීම් මෙවැනි මානසික මෙහෙයුම් මගින් ජාතිකවාදී බලවේග වෙත ලබා දෙයි. අප මේ අයුක්තියට එරෙහි වී රට වෙනුවෙන් අනාගත ජාතිකවාදී බලවේග රැකගන්නේ ද නොඑසේ නම් එම බලවේග උපන්ගෙයි මරා දමන්නේ ද යන්න තීන්දු කළ යුත්තේ ඔබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026014 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.