Close Menu
Lanka Focus News
    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ඉන්දියාව සුපිරි හතරදෙනාගේ වටයට
    Sport

    ඉන්දියාව සුපිරි හතරදෙනාගේ වටයට

    By LFNSeptember 5, 2023No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නේපාලය අතර පැවැති තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව කඩුලු 10කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

    තරගයේ කාසියේ වාසිය ඉන්දීය නායකයා දිනා ගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා නේපාල කණ්ඩායමට ආරාධනා කළේය.

    ඒ අනුව පිටියට පිවිසි නේපාල ආරම්භක පිතිකරුවන් යුගළ මුල් පන්දුවාර 5දී ලබාදුන් උඩ පන්දු 3ක් ඉන්දීය ක්‍රීඩකයින් අතින් ගිලිහී ගියේය.

    ඒ අවසරයෙන් ඵල නෙලා ගත් නේපාල අරම්භක පිතිකරුවන් යුගළ පළමු කඩුල්ලට ලකුණු 65ක සබඳතාවක් ගොඩනැගුවේය.

    අසීෆ් ෂෙයික් ලකුණු 58ක් රැස් කළ අතර සොම්පල් කමි ලකුණු 48ක් රැස් කළේය.

    ඒ අනුව, නේපාල කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 230ක් රැස් කිරීමට සමත්වුණි.

    ලකුණු 231ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය ආරම්භ පිතිකරුවන් යුගළ පන්දුවාර 2යි එක් පන්දුවක් ක්‍රීඩා කරමින් සිටි අවස්ථාවේ ක්‍රීඩාංගණයට වර්ෂාව ඇද හැලුනි.

    ඒ වන විට ඉන්දිය කණ්ඩායම කිසිවෙකු නොදැවී රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 17කි.

    යළි තරගය ආරම්භ කරන විට ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 23කදි ලකුණු 145ක ඉලක්කයක් හිමි විය.

    එම ඉලක්කය හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20යි එක් පන්දු අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 147ක් රැස්කරමින් තරගයේ ජය වාර්තා කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 202605 Views

    ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට…

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.