Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නවගමුව පොලිස් වසම පසුකරන රියදුරන්ට දැනුම්දීමක්

    September 24, 2025

    ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

    September 24, 2025

    ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවක්

    September 24, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඝාතන සැකකරුවෙක් CCD අත්අඩංගුවට
    Featured

    ඝාතන සැකකරුවෙක් CCD අත්අඩංගුවට

    By LFNSeptember 4, 2023Updated:September 4, 2023No Comments1 Min Read158 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අවිස්සාවේල්ල, දුනුමාල ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු මීතොටමුල්ල ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

    වරකාපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 33 හැවිරිදි සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5ක් ද සොයාගත් බව පොලීසිය පැවසුවේය.

    මොහු පසුගිය ජුලි මස 14 වැනිදා සිදුවු අදාළ ඝාතනය සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇති බවටත් විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ උපදෙස් මත එම ඝාතනය සිදුකර ඇති බවටත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී තිබේ.

    ඝාතනයට ලක්වූ පුද්ගලයා විසින් පැළද සිටි රන්මාල දෙකක් උකස් කරන ලද රිසිට් පත් ද සැකකරු සතුව තිබී සොයාගත් බව පොලීසිය පැවසුවේය.

    එමෙන්ම සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී නිට්ටඹුව ප්‍රදේශයේ පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා සැකකරුට විදෙස්ගතව සිටින අපරාධකරුවෙකු විසින් තවත් කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බවට ද අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළේය.

    ඒ සඳහා ලබාදුන් ගිනිඅවිය හා ජීව උණ්ඩ 8ක් රාගම ප්‍රදේශයේ පිහිටි නිවසක සඟවා තිබියදී සොයාගෙන ඇති අතර ඒවා සැඟවීම සඳහා ආධාර අනුබල ලබාදුන් පුද්ගලයෙකු ද එහිදී කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් අලුත්කඩේ සහ මහර මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසුවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නවගමුව පොලිස් වසම පසුකරන රියදුරන්ට දැනුම්දීමක්

    September 24, 2025

    ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

    September 24, 2025

    ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවක්

    September 24, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,367 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,312 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,549 Views
    Don't Miss

    නවගමුව පොලිස් වසම පසුකරන රියදුරන්ට දැනුම්දීමක්

    September 24, 20250118 Views

    නවගමුව පොලිස් වසමේ බෝමිරිය ශ්‍රී විද්‍යාලෝක පිරිවෙන් මහා විහාරස්ථානයේ සර්වඥ ධාතු පෙරහර මංගල්‍ය පසුගිය 21…

    ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

    September 24, 2025

    ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවක්

    September 24, 2025

    අයිස් මත්ද්‍රව්‍ය බෙදූ කොළඹ මහ නගර සභාවේ කා.කා.ස අත්අඩංගුවට

    September 24, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.