Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දැවැන්ත මූල්‍ය වංචා 02ක් ගැන අනාවරණයක්
    Featured

    දැවැන්ත මූල්‍ය වංචා 02ක් ගැන අනාවරණයක්

    By LFNSeptember 3, 2023No Comments2 Mins Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකස්කර ව්‍යාපාරිකයෙකුට උකස් කර රුපියල් ලක්ෂ 600ක මුදලක් වංචා කිරීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙකු මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එමෙන්ම පෞද්ගලක ඉදිකිරීම් සමාගමක ගණකාධිකාරීවරියක ලෙස කටයුතු කරමින් රුපියල් ලක්ෂ 495ක මුදලක් වසර 05ක් වැනි කාලයක් තුළදී වංචා කළ කාන්තාවක් හා ඇයගේ සැමියාව ද එම කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    නුගේගොඩ පිහිටි පෞද්ගලික ඉදිකිරීම් සමාගමකින් රුපියල් ලක්ෂ 500 කට ආසන්න මුදලක් වංචා කර ඇති බව එහි අධ්‍යක්ෂවරයා විසින් පසුගියදා මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ගොනු කර තිබුණි.

    ඒ අනුව විමර්ශන සිදුකළ එම කොට්ඨාසය විසින් අනාවරණය කරගෙන තිබුණේ එහි ගණකාධිකාරීවරිය විසින් රුපියල් ලක්ෂ 495ක මුදලක් වංචාකර ඇති බවය.

    ඇයගේ සැමියා ඇතුළු පවුලේ සාමාජිකයින් 6 දෙනෙකුට වසර 5ක කාලයක් තුළදී අදාළ ආයතනයේ සේවකයින් ලෙස අඟවා වැටුප් ලෙස මාසිකව අදාළ මුදල ලබාදී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    ඔන්ලයින් තාක්ෂණයෙන් අදාළ මුදල් ඔවුන්ගේ ගිණුම් වෙත බැරකර ඇති බවද සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

    මේ අතර දඹුල්ලේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 600ක මුදලක් වංචා කිරීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඒ අදාළ ව්‍යාපාරිකයා සිදුකළ පැමිණිල්ලකට අනුවය.

    ඔවුන් දෙදෙනා තවත් පුද්ගලයෙකු සමග එක්ව අදාළ ව්‍යාපාරිකයාට දඹුල්ලේ පිහිටි ඉඩම් දෙකක් සඳහා ව්‍යාජ ඔප්පු සකසා උකස් තබා ඇති බව විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.

    අනතුරුව සැකකරුවන් දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 202603 Views

    හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබේ. ඔහු…

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.