Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉන්දීය යුද නෞකාවක් කොළඹ වරායට
    Featured

    ඉන්දීය යුද නෞකාවක් කොළඹ වරායට

    By LFNSeptember 2, 2023No Comments1 Min Read163 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Delhi’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (01) උදෑසන කොළඹ වරායට සේන්දු විය.

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

    දිගින් මීටර් එකසිය හැට තුනයි දශම දෙකක් (163.2) හා නැව් මුළුව හාරසිය පනහක (450) ගෙන් සමත්විත වන නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් අභිෂේක් කුමාර් (Captain Abhishek Kumar) සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර, නිල හමුවක් අද උදෑසන බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරිණි.

    එමෙන්ම, ‘INS Delhi’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.

    තවද, ‘INS Delhi’ නෞකාව නැරඹීම සඳහා පාසල් ළමුන් හට අවස්ථාව ලබාදීමටත්, නෞකාව තුල පුහුණු හුවමාරු වැඩසටහනක් පැවැත්වීමටත් කටයුතු සූදානම් කර ඇත.

    සැප්තැම්බර් මස 03 වන දින දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක නිරත වීමටත් නියමිතව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 202603 Views

    හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබේ. ඔහු…

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.