Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

    March 22, 2026

    බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්

    March 22, 2026

    න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට

    March 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වකුගඩු සැත්කමෙන් පසු මියගිය දරුවා ගැන වෛද්‍යවරයා සාක්ෂි දෙයි
    Featured

    වකුගඩු සැත්කමෙන් පසු මියගිය දරුවා ගැන වෛද්‍යවරයා සාක්ෂි දෙයි

    By LFNSeptember 1, 2023No Comments2 Mins Read208 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩුදුන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසුව 03 හැවිරිදි දරුවෙකු මියයෑමේ සිද්ධියට අදාළව එම රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු වන විශේෂඥ වෛද්‍ය මලික් සමරසිංහ මහතා ඊයේ (31) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුනි.

    එම දරුවාගේ මරණයට අදාළ මරණ පරීක්ෂණය ඊයේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී වෛද්‍යවරයා විසින් මෙසේ සාක්ෂි ලබාදී තිබුණි.

    බොරැල්ල පොලීසියේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍ය මලික් සමරසිංහ මහතා කියා සිටියේ, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කළ තමා 2003 වසරේදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට සම්බන්ධ වූ බවය.

    මෙම මියගිය දරුවා තමා හමුවට මුලින්ම පැමිණියේ 2021 වසරේදී පමණ බවත් උදරයේ ඉදිමුමක් තිබූ හෙයින් වෙනත් වෛද්‍යවරයෙකු විසින් මෙම දරුවා තමන් වෙත යොමුකර තිබූ බවත් සාක්ෂිකාර වෛද්‍යවරයා සඳහන් කර තිබුණි.

    කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී මෙම දරුවා ව තමන් පරීක්ෂා කළ අතර පසුව කොළඹ රිජ්වේ ළමා රෝහලේ සායන සඳහා යොමු කෙරුණු බවත් වෛද්‍යවරයා පැවසීය.

    මෙම දරුවා පරීක්ෂණ මාලාවකට ලක් කෙරුණු බවද වෛද්‍යවරයා පැවසීය.

    එම පරීක්ෂණවලදී අනාවරණය කරගත් කරුණු ද මෙහි දී සාක්ෂි දෙමින් වෛද්‍යවරයා සඳහන් කර සිටියේය.

    එම පරීක්ෂණ වාර්තාවට අනුව දරුවාගේ වම් වකුගඩුවේ ක්‍රියාකාරීත්වය ඉතා දුර්වල මට්ටමක පැවති බව වෛද්‍යවරයා සඳහන් කළේය.

    එය සියයට 09 දක්වා අඩු මට්ටමක පැවති අතර දරුවාගේ දකුණු වකුගඩුවේ ක්‍රියාකාරීත්වය සියයට 91 ක් වූ බවත් එම දකුණු වකුගඩුව යහපත් ආකාරයෙන් ක්‍රියාත්මක වූ බවත් වෛද්‍යවරයා සාක්ෂි දෙමින් සඳහන් කර සිටියේය.

    වැඩිදුරටත් වෛද්‍යවරයා සාක්ෂි දෙමින් කියා සිටියේ මෙම දරුවාගේ වකුගඩු නියමිත ස්ථානයේ පිහිටා තිබූ බව වාර්තා පිරික්සීමේදී අනාවරණය වන බවය.

    ඉන් අනතුරුව මෙම වෛද්‍යවරයාගේ වැඩිදුර සාක්ෂි සටහන් කරගැනීම සැප්තැම්බර් මස 05 වනදා දක්වා කල් දැමුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

    March 22, 2026

    බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්

    March 22, 2026

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,585 Views
    Don't Miss

    ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

    March 22, 202604 Views

    අද (22) සිට ක්‍රියාත්මක වන පිරිදි ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ…

    බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්

    March 22, 2026

    න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට

    March 22, 2026

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.