Close Menu
Lanka Focus News
    What's Hot

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තලංගම වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු සිංගප්පූරුවේ දී අත්අඩංගුවට
    Featured

    තලංගම වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු සිංගප්පූරුවේ දී අත්අඩංගුවට

    By LFNAugust 31, 2023No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බත්තරමුල්ල, දකුණු තලංගම, කොරාව ප්‍රදේශයේ දී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර මෙරටින් සිංගප්පූරුවට පළා ගිය සැකකරැවෙකු නැවත මෙරටට ගෙන්වාගෙන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කටුනායක ගුවන් තොටුපොළේ දී අද (31) දින සැකකරු අත්අඩංගුවට ගත් බව අතුරැගිරිය පොලීසිය පවසයි.

    ඉකුත් 25 වන දින තංගල්ල, කොරාව ප්‍රදේශයේ දී පොලී මුදල් ලබා දෙන්නකු බව පැවසෙන පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර තිබිණි.

    ඝාතනය සඳහා වෙඩික්කරු පැමිණි යතුරු පැදියේ පැදිකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු මෙරටින් සිංගප්පූරුව බලා පළා යන බවට නුගේගොඩ ⁣පොලිස් කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.පී.එස් ජයමහ මහතාට තොරතුරක් ලැබී තිබේ.

    ඒ අනුව, ගුවන් යානය පිටව යන අවස්ථාවේ දී සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබාගෙන ඇත.

    පසුව සැකකරු සිංගප්පූරුවට ගොඩ බැස සිටිය දී එරට බලධාරීන් විසින් ආපසු හරවා ලංකාවට එවා ඇති අතර, කටුනායක ගුවන් තොටුපොළේ දී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ, අතුරැගිරිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.

    අතුරැගිරියේ ලඩියාගේ කල්ලියේ දැනුම්දීම මත මෙම සැකකරු විසින් අදාළ ඝාතනයට යොමුව ඇති බව සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

    සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 202604 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ගමන් කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්…

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.