අයිස් මත්ද්‍රව්‍ය හා ජීව අත්බෝම්බයක් සමඟ පොලිස් රාජකාරියට බාධාකළ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (30) අලුයම් කාලයේ ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මත්ද්‍රව්‍ය වැටලීමක් සිදුකර තිබුණි.
එම අවස්ථාවේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 430 ක් සහ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ සැකකාර පුද්ගලයාව අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු විසින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පිහියකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා දෙමෝදර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලිස් නිලධාරින්ව බදුල්ල මහරෝහල වෙත මාරුකර යැවුණි.
අත්අඩංගුවටගත් සැකකරු වයස අවුරුදු 33ක් වන ගොටුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුව ඊයේ (30) දින බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇත.