Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025

    උඩදුම්බර සහ වලපනේ නායයෑමක් – අවධානයෙන් ඉන්න

    December 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සැලසුම් රැසක් සමග ශ්‍රී ලංකාව අද පිටියට
    Featured

    සැලසුම් රැසක් සමග ශ්‍රී ලංකාව අද පිටියට

    By LFNAugust 31, 2023No Comments2 Mins Read156 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පිටියට පිවිසෙන්නේ සැලසුම් රැසක් සමඟ බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසයි.

    ඊයේ නුවරදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් දසුන් ශානක මේ බව පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක,

    “ප්‍රෙෂර් එක වැඩිවෙලාවේ තමයි අපි ටීම් එකක් විදියට හොඳටම කරලා තියෙන්නේ. මම හිතනවා ක්‍රීඩකයෝ ආබාධවලට ලක්වෙන එක අපිට නවත්වන්න අමාරුයි. අවාසනාවකට වගේ අපිට ඒක දිගින් දිගටම වුණ දෙයක්. ට්‍රේනින් වෙන එකේවත් මහන්සිවෙන එකේවත් මම වැරැද්දක් දකින්නේ නෑ. ඒක අවාසනාව. පිතිකරණය ගත්තොත් හොඳ අත්දැකීම් තියෙන ක්‍රීඩකයෝ රැසක් අපිත් එක්ක ඉන්නවා. මම විශ්වාස කරනවා පීඩනය ඔස්සේ හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. ගියපාර ශූරතාවය දිනුවේ අපි විස්සයි විස්ස තරගාවලියක. මම හිතන්නේ පන්දුවාර 50 තරගයක් ගත්තාම ඊට සාපේක්ෂව ගොඩක් වෙනස්. මේකට එන සැලසුම් ගොඩක් වෙනස්වෙලා තියෙනවා. වර්ෂාවෙන් සමහරක් විට බාධා ඇතිවෙන්න පුළුවන් තරගාවලියට. ඉතින් මම හිතන්නේ අපි හැමදේටම සූදානම් වෙලා ඉන්නවා තරගාවලියට මුහුණදෙන්න. ”

    “බංග්ලාදේශය සමග ළඟදී ක්‍රීඩා කරේ නෑ. ස්පින් එකට ෆේස් එකට ඒගොල්ලෝ මුහුණදෙන්නේ කොහොමද කියලා අපි දන්නවා. අපිට හොඳ අදහසක් තියෙනවා. වනිඳු හසරංග නැති එක අපිට ලොකු පාඩුවක්. ඒත් ඔහු ලෝක කුසලාන තරගාවලියට එක්වෙයි කියන බලාපොරොත්තුව තියාගෙන අපි ඉන්නේ. මම නායකෙයක් විදියට මගේ සියලුම ක්‍රීඩකයන් ගැන විශ්වාසය තියෙනවා. එයා තරුණ ක්‍රීඩකයෙක්ද ප්‍රවීණ ක්‍රීඩකයෙක් ද අපි කණ්ඩායමක් විදියට සමානව හැම ක්‍රීඩකයාටම සළකනවා. ජාත්‍යන්තර තරග කියන්නේ හැමවෙලේම අභියෝගයක් කිසිම තරගයක් අපිට පහසුවට ගන්න බෑ.”

    “ෂකීබ් එක්ක LPL තරගාවලියේ ක්‍රීඩා කරන්න ලැබීම ලොකු වාසියක්. මම හිතන්නේ බංග්ලාදේශ ක්‍රීඩකයෝ ගොඩාක් ඉක්මන් වැඩියි සමහර වෙලාවට තීරණ ගන්න. ගොඩාක් දේවල් එයාගෙන් ගන්න බැරුව ගියා. මොකද එයා ගොඩාක් කතාකරන කෙනෙක් නෙමෙයි. අපිත් එහෙම විස්සයි විස්ස තරගයක එකට ගැහුවා කියලා ගොඩාක් දේවල් හුවමාරු කරන්නේ නෑ. විශේෂයෙන් මේ වගේ ආසියානු කුසලානයක් ළඟ තියෙනකොට අපේ සැලසුම් අපි එළියට දෙන්න හොඳ නෑ. අපි බලාපොරොත්තුවෙන්නේ තරගයේදී තමයි එළියට දෙන්න. අපිට ගොඩාක් සැලසුම් තියෙනවා මම හිතන්නේ නෑ එයාට ගොඩාක් ලොකු දේවල් ලබාගන්න පුළුවන් වුණා කියලා LPL එක ක්‍රීඩා කරනකොටත්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025

    උඩදුම්බර සහ වලපනේ නායයෑමක් – අවධානයෙන් ඉන්න

    December 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 20250119 Views

    දිට්වා’ සුළි කුණාටුව’ හේතුවෙන් ආපදාවට ලක්ව ඇති දැනට ලියාපදිංචි අපනයන නිෂ්පාදන කර්මාන්ත ශාලා ඇතුළු ව්‍යාපාරික…

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025

    උඩදුම්බර සහ වලපනේ නායයෑමක් – අවධානයෙන් ඉන්න

    December 19, 2025

    විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

    December 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.