Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සැලසුම් රැසක් සමග ශ්‍රී ලංකාව අද පිටියට
    Featured

    සැලසුම් රැසක් සමග ශ්‍රී ලංකාව අද පිටියට

    By LFNAugust 31, 2023No Comments2 Mins Read159 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පිටියට පිවිසෙන්නේ සැලසුම් රැසක් සමඟ බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසයි.

    ඊයේ නුවරදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් දසුන් ශානක මේ බව පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක,

    “ප්‍රෙෂර් එක වැඩිවෙලාවේ තමයි අපි ටීම් එකක් විදියට හොඳටම කරලා තියෙන්නේ. මම හිතනවා ක්‍රීඩකයෝ ආබාධවලට ලක්වෙන එක අපිට නවත්වන්න අමාරුයි. අවාසනාවකට වගේ අපිට ඒක දිගින් දිගටම වුණ දෙයක්. ට්‍රේනින් වෙන එකේවත් මහන්සිවෙන එකේවත් මම වැරැද්දක් දකින්නේ නෑ. ඒක අවාසනාව. පිතිකරණය ගත්තොත් හොඳ අත්දැකීම් තියෙන ක්‍රීඩකයෝ රැසක් අපිත් එක්ක ඉන්නවා. මම විශ්වාස කරනවා පීඩනය ඔස්සේ හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. ගියපාර ශූරතාවය දිනුවේ අපි විස්සයි විස්ස තරගාවලියක. මම හිතන්නේ පන්දුවාර 50 තරගයක් ගත්තාම ඊට සාපේක්ෂව ගොඩක් වෙනස්. මේකට එන සැලසුම් ගොඩක් වෙනස්වෙලා තියෙනවා. වර්ෂාවෙන් සමහරක් විට බාධා ඇතිවෙන්න පුළුවන් තරගාවලියට. ඉතින් මම හිතන්නේ අපි හැමදේටම සූදානම් වෙලා ඉන්නවා තරගාවලියට මුහුණදෙන්න. ”

    “බංග්ලාදේශය සමග ළඟදී ක්‍රීඩා කරේ නෑ. ස්පින් එකට ෆේස් එකට ඒගොල්ලෝ මුහුණදෙන්නේ කොහොමද කියලා අපි දන්නවා. අපිට හොඳ අදහසක් තියෙනවා. වනිඳු හසරංග නැති එක අපිට ලොකු පාඩුවක්. ඒත් ඔහු ලෝක කුසලාන තරගාවලියට එක්වෙයි කියන බලාපොරොත්තුව තියාගෙන අපි ඉන්නේ. මම නායකෙයක් විදියට මගේ සියලුම ක්‍රීඩකයන් ගැන විශ්වාසය තියෙනවා. එයා තරුණ ක්‍රීඩකයෙක්ද ප්‍රවීණ ක්‍රීඩකයෙක් ද අපි කණ්ඩායමක් විදියට සමානව හැම ක්‍රීඩකයාටම සළකනවා. ජාත්‍යන්තර තරග කියන්නේ හැමවෙලේම අභියෝගයක් කිසිම තරගයක් අපිට පහසුවට ගන්න බෑ.”

    “ෂකීබ් එක්ක LPL තරගාවලියේ ක්‍රීඩා කරන්න ලැබීම ලොකු වාසියක්. මම හිතන්නේ බංග්ලාදේශ ක්‍රීඩකයෝ ගොඩාක් ඉක්මන් වැඩියි සමහර වෙලාවට තීරණ ගන්න. ගොඩාක් දේවල් එයාගෙන් ගන්න බැරුව ගියා. මොකද එයා ගොඩාක් කතාකරන කෙනෙක් නෙමෙයි. අපිත් එහෙම විස්සයි විස්ස තරගයක එකට ගැහුවා කියලා ගොඩාක් දේවල් හුවමාරු කරන්නේ නෑ. විශේෂයෙන් මේ වගේ ආසියානු කුසලානයක් ළඟ තියෙනකොට අපේ සැලසුම් අපි එළියට දෙන්න හොඳ නෑ. අපි බලාපොරොත්තුවෙන්නේ තරගයේදී තමයි එළියට දෙන්න. අපිට ගොඩාක් සැලසුම් තියෙනවා මම හිතන්නේ නෑ එයාට ගොඩාක් ලොකු දේවල් ලබාගන්න පුළුවන් වුණා කියලා LPL එක ක්‍රීඩා කරනකොටත්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.