Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාස 7ක් තුළ ළමා අපයෝජන පැමිණිලි 5,000 පනී
    Featured

    මාස 7ක් තුළ ළමා අපයෝජන පැමිණිලි 5,000 පනී

    By LFNAugust 31, 2023No Comments2 Mins Read197 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වසරේ ගත වූ කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 5,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසයි.

    එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ, පසුගිය ජනවාරි පළමු වැනි දින සිට ජුලි 31 වන දින දක්වා කාලය තුළ පැමිණිලි 5,456ක් පමණ ලැබී ඇති බවය.

    ඒ අතර ළමුන් කෘෘරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1,296ක්, බරපතළ තුවාල සිදුකිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 163ක්, බරපතළ ලිංගික අපයෝජන සිදුකිරීම් සම්බන්ධව පැමිණිලි 242ක් ලැබී තිබේ.

    එමෙන්ම ළමුන් සිඟමනේ යෙදවීම සම්බන්ධයෙන් ද පැමිණිලි 196ක් ලැබී ඇති බව උදය කුමාර අමරසිංහ මහතා සඳහන් කළේය.

    වැඩි වශයෙන් ළමුන් සිඟමනට යෙදවීම සම්බන්ධයෙන් පැමිණිලි කොළඹ සහ නාගරික තදාසන්න ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.

    විශේෂයෙන් ආලෝක සංඥා පුවරු, සුපිරි වෙළෙඳසැල් ආශ්‍රිත සහ ඇතැම් ද්‍රව්‍ය අලෙවි කරන මුවාවෙන් ළමුන් සිඟමෙනේ යෙදවීම් බහුලව සිදුකෙරෙන බව ඔහු සඳහන් කළේය.

    ඒ අනුව ළමුන් සිඟමනට යෙදවීම් සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරිය දැඩි අවධානයක් යොමුකර තිබේ.

    මේ අතර සමාජ මාධ්‍ය භාවිතය සහ සයිබර් අවකාශය තුළ ළමුන්ට සිදුවන හිංසනයන් සම්බන්ධයෙන් පැමිණිලි 110ක් ලැබී ඇත.

    එහිදි ගැහැණු ළමුන් සම්බන්ධයෙන් පැමිණිලි 76ක් ද පිරිමි ළමුන් සම්බන්ධයෙන් පැමිණිලි 31ක් ද ලැබී ඇති බව සඳහන්ය.

    අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා මේ වන විටත් පොලිස් ස්ථාන වෙත යොමුකර ඇති බව ජාතික ළමාරක්ෂණ අධිකාරිය සඳහන් කළේය.

    මේ අතර ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එම අධිකාරිය සකස් කර ඇති ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සඳහා සකස් කළ පස් අවුරුදු ජාතික සැලැස්ම සැප්තැම්බර් මාසය තුළ දී කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 202603 Views

    හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබේ. ඔහු…

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026

    රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙක් රිමාන්ඩ්

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.